සරණට එරෙහි නඩුව - විදුලිබල ලේකම්ට වරෙන්තු | දිනමිණ

සරණට එරෙහි නඩුව - විදුලිබල ලේකම්ට වරෙන්තු

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළදී වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩු දෙක අද (22) කැඳවා තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින්.

මෙම නඩුදෙකෙහි 01වෙනි සාක්ෂිකරු ලෙස නම් කොට ඇති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම් ඩී.එම්.එස් බටගොඩ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අවධානය ඒ කෙරෙහි යොමුවූ බව සදහන්.

ඒ අනුව  ඩී.එම්.එස් බටගොඩ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කල අතර වැඩිදුරට නඩු විභාගය ජූලි 06 දින කැඳවීමට තීරණය කෙරිණ.

01 වෙනි සාක්ෂිකරු ලෙස සටහන්ව ඇති බටගොඩ වෙනුවෙන් නියෝජිතයෙකු අද දිනයේ අධිකරණයේ පෙනී සිටි නමුත්  මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ මෙම නියෝගය සාක්ෂිකරුට පෞද්ගලිකව යොමුකර ඇති බැවින් ඔහු වෙනුවෙන් නියෝජිතයෙකුට පෙනී සිටීමට නොහැකි බවයි.

නව අදහස දක්වන්න