ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ අයෙක් මරුට | දිනමිණ

ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ අයෙක් මරුට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරමින් 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු අද ඇෆ්ගනිස්ථානයේ බාමල් දිස්ත්‍රීක්කයේදී ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනයකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද උදෑසන මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ කුවාරි යසේන් නැමැති අයෙක් සදහන්.

2009 මාර්තු මස පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගමන් ගත් බස් රථයට එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 05දෙනෙකු තුවාල ලැබීය.

එහි දී පකිස්ථාන පොලිස් නිලධාරීන් 06 දෙනෙකු සහ වෑන් රථ රියදුරෙකු මරණයට පත්විය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...