ඩෙංගු රෝග කාරක වෛරසයේ වෙනසක් | දිනමිණ

ඩෙංගු රෝග කාරක වෛරසයේ වෙනසක්

ඩෙංගු රෝග කාරක වෛරසය යම් වෙනසකට ලක් වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම වෙනස් වීම හේතුවෙන් ඩෙංගු රෝගය පැතිර යාම ප්‍රබල වී ඇති බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර සඳහන් කළේ.

වසරේ ගත වූ මාස 03ක කාලය තුළ ඩෙංගු රෝගීන් 22500කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් යෙදවා පරිශ්‍ර පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා එම කණ්ඩායම් යොදවා ඇත.

ඒ සඳහා 350කින් සමන්විත පිරිසක් එම ප්‍රදේශ වෙත යොමුකර ඇති බව ද සදහන්.

එමෙන්ම කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් 66ක ඩෙංගු මර්ධන කටයුතු සදහා එම පාසල් වලට රුපියල් 421,000ක මුදලක් ලබාදුන් බව කින්නියා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එම්.අහමඩ් ලෙබ්බේ පැවසිය.

01 - ඒ,බි වර්ගයට අයත් පාසල් සදහා රුපියල් 8000 බැගින්ද, 01- සී වර්ගයට අයත් පාසල් සදහා රුපියල් හත්දාහස බැගින්ද අනෙකුත් පාසල් සදහා රුපියල් හයදහස බැගින්ද මෙම මුදල් ලබාදුන් බව කලාප අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙම මූල්‍ය ප්‍රතිපාදනයන් ලබා දි තිබු අතර එසේ ලබාදුන් මුදල් පාසල් වෙත මේ වන විට ලබාදි ඇති බව කී කලාප අධ්‍යක්ෂවරයා සිය පාසල් පිරිසිදුව තබා ගැනිමට අවශ්‍ය උපදෙස්ද ලබාදුන් බව කීය.

ලබාදුන් මුල්‍ය ප්‍රතිපාදනයන් භාවිතා කර පාසල් පිරිසිදු කරගැනිමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවද අධ්‍යක්ෂවරයා තවදුරටත් සදහන් කලේය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...