සතියක තහනමින් පසු දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක් | දිනමිණ

සතියක තහනමින් පසු දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. 

ඒ ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව පිළිබඳයි.

ස්ථාවර නියෝග 23 (2) යටතේ මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රකාශකය සිදු කරනු ඇති. 

විදේශිය විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය රට හමුවේ පැහැදිලි කරන ලෙස ඉල්ලමින් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රකාශය සිදු කිරීමට නියමිතයි. 

සතියක කාලයක් පාර්ලිමේන්තු තහනමට ලක්ව සිටීමෙන් පසු දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පළමු වරට සභාවට පැමිණෙන්නේ අද දිනයේයි. 

නව අදහස දක්වන්න