නීතිපතිට සිහිකැඳවීමක් යොමු කිරීමට නියෝග | දිනමිණ

නීතිපතිට සිහිකැඳවීමක් යොමු කිරීමට නියෝග

සුභාෂීණී සේනානායක

 කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියට අදාළව නිතිපතිවරයාට සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20) නියෝග කළාය.

සිද්ධියට අදාළ නඩු ගොනුව නිතිපතිවරයාට යොමු කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නාය. මෙම මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියට ඇප මත සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඊයේ අධිකරණයේ පෙනී සිටියේය.

මෙම සිද්ධියට සම්බන්ධ වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නැතැයි මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය. මෙම සිද්ධියට සම්බන්ධව රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට දූෂණ විරෝධි හඩ සංවිධානය සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණීල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. 

නව අදහස දක්වන්න