සබරගමු සරසවි උපකුලපති ධුරයට නම් තුනක් ජනපති වෙත | දිනමිණ

සබරගමු සරසවි උපකුලපති ධුරයට නම් තුනක් ජනපති වෙත

සමන්මලී ප්‍රියශාන්ති, සමන්තා කංකානම්ගේ බෙලිහුල්ඔය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්යවරු තිදෙනකුගේ නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

උපකුලපති ධූරය සඳහා අයදුම්පත් යොමු කළ අය සම්බන්ධව පාලක සභා ඡන්ද විමසීමෙන් වැඩි ලකුණු ලබා ගත් මහාචාර්ය සුනිල් ශාන්ත, මහාචාර්ය චන්දන උඩවත්ත, මහාචාර්ය යසන්ත අමරසිංහ මහත්වරුන්ගේ නම් මේ අනුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

පාලක සභා ඡන්ද වීමසීමේදී මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ඡන්ද 12 ක් ලබා ගෙන ඇති අතර, වත්මන් උපකුලපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය චන්දන උඩවත්ත මහතා ඡන්ද 8 ක් ලබා ගෙන ඇත. මහාචාර්ය යසන්ත අමරසිංහ මහතා ඡන්ද 4 ක් ලබා ගෙන තිබේ.

මෙම පත්වීම ජනාධිපතාවරයා විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 

නව අදහස දක්වන්න