චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි | දිනමිණ

චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි

 ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්වාන් (Chang Wanquan) මහතා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහය අගය කළේය.

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන් සඳහා චීන රජයෙන් ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ ජනාධිපතිතුමා ස්තූතිය පළ කළ අතර මෙරට යුද්ධය පැවති තීරණාත්මක අවස්ථාවේදී චීනය ලබාදුන් සහයෝගය ද ඇගයීමට ලක් කළේය. ‍

එමෙන්ම මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය පුහුණුවීම් අඛණ්ඩව චීන රජයෙන් ලබාදෙනු ඇතැයි ද තම විශ්වාසය පළ කළේය.දෙරට අතර පවත්නා මිත්‍රශීලී සබඳතා හේතුවෙන් ගිවිසුම් රැසකට එළැඹෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එම සියලු ගිවිසුම් ශ්‍රී ලංකාවේ අභිමානයට ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිද්දෙන් සිදු කෙරෙන බව ද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් චීනයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන්ග් වන්ක්වාන් (Chang Wanquan) මහතා සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජයීය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි. එය චීන රජයේ සතුටට කරුණක් බව ප්‍රකාශ කළ චීන ආරක්ෂක අමාත්‍යවරයා චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.චීනය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා අරඹා වසර 60ක් වැනි දීර්ඝ කාලයක් බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම රටේ අරමුණ බවත් චීන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...