අම්පාරේ කහ සහ ඉඟුරු ගොවීන් දිරිමත් කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහනාධාර

 අම්පාර දිස්ත්‍රික්කයේ සාරවත්ව කහ සහ ඉඟුරු වගාවන් කළ හැකි බවත් එම වගාවන් සඳහා ගොවීන් දිරිමත් කිරීමට සහනාධාරයක් ලබාදීමටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් අම්පාර දිස්ත්‍රික් වැඩබලන සහකාර අධ්‍යක්ෂක රංජිත් පිටවල මහතා පැවසිය.අම්පාර දිස්ත්‍රික්කයේ කහ වගාව මගින් පසුගිය වසර වල ඉතා හොඳ ආදායමක් ලබා ගත් ගොවීන් සිටින බවත් අද වන විට එම ගොවීන් තමා වගා කරනු ලබන භූමි ප්‍රමාණය වැඩි කර සාර්ථක වගාවක් සිදු කර ඇති අකාරය දක්නට ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

කහ වගා කළ අම්පාර නාමල් ඔය කේ.ජි.දේවකුමාර මහතා -

මම මුලින්ම වී වගාව පමණයි සිදු කරේ .පසුව මම ලියදි දෙකක් විතර කහ වගා කරා මාස නවයක් පමණ කාලයක් ගත වුණා අස්වැන්න ගන්න .වී වගාවෙන් කන්න දෙකක් කරලත් මට ඒ ලියදි දෙකෙන් ගන්න පුළුවන් වුණේ තිස්දහසක් පමණ මුදලක් වුණාට කහ වගාවේ මට ලක්ෂ තුනකට වැඩි මුදලක් උපය ගන්න පුළුවන් වුණා . එක පඳුරකින් කහ කිලෝ එකකට වඩා අස්වැන්නක් තිබෙනවා. මම දැනට අක්කරයකට ටිකක් අඩුවෙන් කරලා තියෙන්නේ. මෙදා සැරේ ලක්ෂ පහකට වඩා ආදායමක් ගන්න පුළුවන් කියලා මම දන්නවා .විකුණගන්න එක ගැටලුවක් නෑ . අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් වැඩබලන සහකාර අධ්‍යක්ෂක රංජිත් පිටවල මහතා -

මෙරට අවශ්‍යතාවට කහ ඉඟුරු අස්වැන්න මදි හින්දා ඉන්දියාවෙන් මෙරටට විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා . අම්පාරේ වැඩි පිරිසක් වී වගාවට පමණයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ අය විකල්ප වගාවන් ගැන හිතනවා අඩුයි.දැනට අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් පනහක පමණ ප්‍රමාණයක් කහ ඉඟුරු වගා කරලා තිබෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කහ වගේම ඉඟුරු වගා කරන ගොවීන්ට සහනාධාරයක් ලබා දෙනවා. කහ බීජ සඳහා කිලෝවකට රුපියල් තිහක් (30) ඉඟුරු සඳහා රුපියල් (60)ක මුදලක් ලබා දෙනවා .ගොවින් කරන්න ඕනෑ අපි යටතේ ලියපදිංචි වෙලා මාස තුනක සාර්ථක අස්වාන්නක් අපිට පෙන්වන එකයි. ඊට පසුව අපි නිර්දේශ කරනවා ආධාර මුදල් ලබාදෙන්න .අද වන විට අප දෙපාර්තමේන්තුවෙන් හේක්ටයාර් දහයකට පමණ ගෙවිම කරලා තිබෙනව. හෙක්ටයාර් පනහ දක්වා ආධාර මුදල් ඉදිරියේදී ලබා දෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අම්පාර දිස්ත්‍රික්කයේ කහ ඉඟුරු වගාකරුවන් සඟහා ආධාර මුදල් ලබාදීම සිදු කරනු ලැබු අතර එම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඛනිජ සම්පත් නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය ද එක්විය.

එහිදි අදහස් දැක්වු නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය-

අපිට පුළුවන් නිසි කළමණාකරණයක් තිබෙන තැනකට ගොවිතැන අරගෙන යන්න .අද අපේ රටේ වගා කරන්න පුළුවන් බොහෝ දෙවල් අපි පිට රටින් ගෙන එන්න තමයි පුරුදු වෙලා තිබෙන්නනේ .විශාල වැඩි කරන්න පුළුවන් අද රජය මේ ගැන හිතලා තමයි මේ දිරිගැන්විම් කරන්නේ .

මෙම ඉඟුරු වගාව සාර්ථකව වගා කරන්න හැකි ගොවීනට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියපදිංචි විය හැකි බවත් ඒ අනුව එම වගාවන් සදහා පුහුණු විම් සහ උපදෙස් ලබා ගත හැකි බවත් එහි නිලධාරිහු පෙන්වා දෙති.

ජායාරූප-දිගාමඩුල්ල සමුහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...