මහියංගණයට මත්කුඩු ගෙනා 2ක් පොලිස් අත්අඩංගුවට | දිනමිණ

මහියංගණයට මත්කුඩු ගෙනා 2ක් පොලිස් අත්අඩංගුවට

මහියංගණ නගරය හා අවට ප්‍රදේශ රැසකට මත් කුඩු ගෙනවිත් බෙදා හැරි පුද්ගලයන් දෙදෙනෙක් මත්කුඩු සමඟ ඉකුත් දා මහියංගණ පදියතලා මාර්ගයේ 45 කණුව ප්‍රදේශයේදී මහියංගණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එක් අයෙක් ළඟ මත් කුඩු මිලිග්රෑම් 160ක් හා අනෙක් සැකකරු සන්තකයේ මත් කුඩු මිලිග්රෑම් 80ක් තිබී සොයා ගන්නා ලදී. මහියංගණයට මිට ප්‍රථම අවස්ථාවේද මත්කුඩු ගෙනවිත් සිදු කළ වෙළෙදාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවන්ගෙන් හෙළි කරගන්නා ලද තොරතුරු අනුව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයන්ට අනුව මෙවරද මෙම ජාවාරමට සෘජු සම්බන්ධතා සහිත පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත හැකි වු බව මහියංගණ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් වයස 28ක් වන අතර රාගම ප්‍රදේශයේ සිට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන පදියතලා මාර්ගයේ 45 කණුව ප්‍රදේශයේ කඩ කාමරයක් කුලියට ගෙන රාත්‍රි හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම මත්කුඩු වෙළෙදාම සිදු කර ඇති බවට සිදු කරනු ලැබු විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර, වයස 23ක් වන අනෙක් සැකකරු හසලක, මහායාය, උල්පතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු කොළඹ දෙහිවල ප්‍රදේශයේ සිටියදී මත් කුඩු සඳහා ඇබ්බැහි වු අයෙකි.

මහියංගණ සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගණ පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා හා වැඩ බලන ස්ථානාධිපති ආර් සි වීරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා මත් කුඩු ජාවාරම් කරුවන් කොටු කර ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබු අතර පො. සැ. විමලසිරි, පො.කො.දර්මදාස, අත්තනායක,උපාලි, ජයසේකර,ජයරත්න, සදලාල්,ප්‍රේමරත්න යන නිලධාරින්ගේ සහයද විමර්ශන වලදී ලබා දී ඇත.

ඡායාරූපය- මාපාකඩවැව සමුහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...