මිහින්තලා මහ සෑ මළුව සැදැහැවතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණයට | දිනමිණ

මිහින්තලා මහ සෑ මළුව සැදැහැවතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණයට

මිහින්තලා මහ සෑ මළුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුවෙමින් පවතිනවා. මිහින්තලා කදු මුදුනේ පිහිටි මෙම චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගල් වැලි ඉහළට ගෙනයාම මහත් දුෂ්කර කටයුත්තකි. මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ජනපවුර සංවිධානයේ සභාපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ ඉල්ලීම මත මිහින්තලා ජනපවුර සංවිධානයේ දහසකට වැඩි සාමාජිකයන් එකතු වී පසුගියදා මිහින්තලා මැඳ මළුවේ සිට චෛත්‍ය මළුව දක්වා වැලි ඇදීම සිදුවිය.

මැද මළුවේ සිට චෛත්‍ය දක්වා සාමාජික සාමාජිකාවන් පෙළ ගැසි සිටිමින් වැලි පිර වූ උර අතින් අත යවමින් වැලි ඉහළට ගැනීම සිදු විය.මෙහි දැක්වෙන්නේ මිහින්තලා මැඳ මළුවේ සිට ජනපවුර සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පෙළ ගැසී සිටිමින් වැලි පිරවූ උර අතින් අත යැවු අයුරු.

ඡායාරූප-චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ / අනුරාධපුර මධ්‍යම විශේෂ 

නව අදහස දක්වන්න