බයිසිකල් පැදීමෙන් උස වැඩි වෙනවා

 

ඕනෑම කෙනකුට ශරීරයේ බරට සමාන උසක් තිබීම අත්‍යවශ්‍යයි. එහෙත්, වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙක්, තමන්ගේ බරට සරිලන උසක් නැතිව දුක් වෙන‍වා. බයිසිකල් පැදීම මඟින් ශරීරයේ උස වර්ධනය කර ගත හැකි බව පසුගිය දිනක බටහිර විශ්ලේශකයන් සොයා ගැනීම, මෙසේ තැවෙන අයට කදිම විසැඳුමක්.

ශරීරයේ සමබර බව නිසි ලෙස පවත්වා ගැනීම සඳහාත්, නිරෝගිමත් දිවියක් පවත්වා ගැනීම සඳහාත් බයිසිකල් පැදීම ඉතාමත් ම සුදුසු බව අමෙරිකානු වෛද්‍යවරුන් සොයා ගෙන තිබෙනවා. එමඟින්, සිරුරේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වර්ධනය වන බවත්, පාදවල මාංශපේශී යම් කිසි ඇදීමක‍ට භාජනය වන බවත් ඔවුන්ගේ අදහසයි. ඒ නිසා, දිනකට සැතැපුම් 04 ක් පමණ බයිසිකල් පැදීම වඩාත් යෝග්‍යයි. ආහාර ගැනීමෙන් සිරුරේ උස වර්ධනය කර ගන්නවාට වඩා, බයිසිකල් පැදීමෙන් සිරුරට ජවසම්පන්න බවක් ද උරුම කර ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

පුද්ගලයකු නව යෞවන වියේදීම බයිසිකල් පැදීම ආරම්භ කළ යුතු බව මේ විශේෂඥයන්ගේ අදහසයි. එවිට එම පුද්ගලයා වයසින් පරිණත වන විට, ඔහුගේ ශරීරයට අවශ්‍ය උසක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ ආකාරයට කටයුතු කිරීම මඟින්, කාන්තාවකට සිහින් සිරුරක් ද, පුරුෂයකුට කඩවසම් සිරුරක් ද හිමි කර ගැනීමට හැකි වන බව මොවුන්ගේ අදහසයි. බටහිර වෛද්‍යවරුන් සිදු කරන ලද සමීක්ෂණවලට අනුව, දවසකට පැයක් බයිසිකල් පැදීමෙන්, ශරීරයේ කැලරි 400 ක් පමණ අඩු කර ගත හැකියි. එමෙන් ම, දවසකට සැතැපුම් 10 ක් පමණ බයිසිකල් පැදිම කළ හොත්, ශරීරයේ ඇති කැලරි 700ක් පමණ අඩු කර ගැනීමට පුළුවන්. එසේ නම්, ඔබ අද සිට ම බයිසිකල් පැදීම විනෝදාංශයක් වශයෙන් කිරීම, සිරුරට ඉතාමත් ම යෝග්‍යයි නේද?

 

අන්තර්ජාලය ඇසුරිනි
මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...