සතුටින් දිවි ගෙවන්නෙ මෙහෙමයි

සමබල ආහාර වේලකට හුරු වන්න. ඔබ ශරීරයට ගන්නා පෝෂ්‍ය පදාර්ථ ඔබේ ගතේ මෙන් ම සිතෙහි නීරෝගිකමටත් ඉතා ම වැදගත් වේ.

ඔබ භාවිත කරන වදන් අන් අයගේ යහපත වෙනුවෙන් පමණක් භාවිත කරන්න. ඔබට ඇති ගැටලු ඔබේ අභියෝග ලෙස සිතා කටයුතු කරන්න. ඔබේ මතවාද වැරැදි බව හැඟුණු විට, එය නිවැරැදි කර ගැනීමට තරම් නිහතමානී අයකු වන්න ඔබ ඔබට ප්‍රථමව සලකන්න.

ඔබේ සමීපතමයන් සමඟ නිතරම උද්‍යෝගයෙන් කටයුතු කරන්න. නිරතුරුවම සතුටින් දිවි ගෙවන්නන් ඇසුරු කරන්න.

අන් අය සමඟ ඔබ පිළිබඳ සැසඳීමෙන් වළකින්න. එයට හේතුව ඔබ ඔබ ම මිස, අන් අයකු නොවන බැවිනි. ඔබ ගැන සුළුවට නොසිතන්න. එහෙත්, ඔබ ගැන අඩුවෙන් සිතන්න ඔබ ප්‍රිය කරන කිනම් හෝ ආකාරයක ව්‍යායාම සඳහා, දිනකට අවම වශයෙන් මිනිත්තු 20ක කාලයක් ගත කරන්න.

නොපැකිලව අගය කිරීමට සුදුසු අය අගය කිරීමට පෙලඹෙන්න. ඔබ කාර්ය බහුල වුවත්, කලබලකාරී බවෙන් මිදෙන්න. අවම වශයෙන් ඔබේ ගැටලු සාකච්ඡා කළ හැකි හිත මිතුරන් පස් දෙනකුවත් ඇති කර ගන්න. ඔබට හැකි අයුරින් අන් අයට උදවු කරන්න. නිතර සිනාමුසු මුහුණින් යුතුව කල් ගෙවන්න.

 

යශෝදා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...