බැසිල්ට අයත් බව කියූ ඉඩමට වැට | දිනමිණ

බැසිල්ට අයත් බව කියූ ඉඩමට වැට

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ යැයි කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ මල්වාන ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවීමට අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම ඉඩම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස මෙය තමන්ට අයත් නොවන බව පැවසූ හෙයින් එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණ ද එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජන සුබසිද්ධිය උදෙසා යොදාගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බව නීතිපතිවරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 

නව අදහස දක්වන්න