කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ලෙස සිකුරාදා(17) වැඩ බාරගත් කේ කේ විජේරත්න මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග පවසා ඇත්තේ, පසුගිය සිකුරාදා විජේරත්න රාජකාරී ආරම්භ කළ අතර ඊට එරෙහිව දෙමාපියන් හා සිසුන් පිරිසක් විරෝධතා පැවත්වා ඇති බවයි.
ඒ හේතුවෙන් රාජකාරී ආරම්භ කර ටික වේලාවකින් පාසලෙන් පිටව යාමට ඔහුඅට සිදුවිය.
එම සිදුවීමත් සමග තමාට එහි රාජකාරී කළ නොහැකි බැවින් ඉල්ලා අස්වන බව විදුහල්පතිවරයා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට අද (20) දැනුම් දුන්නේය.
ඒ අනුව නව විදුහල්පතිවරයකු පත් කරන තුරු විදුහල්පති ධූරයේ රාජකාරී ආවරණය කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.එන්.කේ ඒකනායක ජී.එස් ප්‍රේමසිරි නම් නිලධාරියාට ලිඛිතව දැනුම් දුන්නාය.
නව අදහස දක්වන්න