ආසියාවේ විශාලම දැව බුදු පිළිමය නෙළීමට සැරසෙන දකුණේ විස්මිත නිර්මාණකරුවෝ | දිනමිණ

ආසියාවේ විශාලම දැව බුදු පිළිමය නෙළීමට සැරසෙන දකුණේ විස්මිත නිර්මාණකරුවෝ

දකුණු ආසියාවේ ඉදිවන විශාලතම දැව බුදු පිළිමය නිර්මාණය කිරීමට මේ දිනවල කළුවඩුමුල්ලේ සිරි විජයාරාමාධිපති රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපති, ශාස්ත්‍රපති ආචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ සූදානම් වෙති.

එහි මූලික කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර කැටයම්කරුවන් ගොඩනැඟිල්ලේ කැටයම් කටයුතු දක්ෂ කැටයම්කරුවන් විසින් විහාරස්ථානයේ රැඳී සිටිමින් සිදුකරමින් සිටින අයුරු දැකගත හැකිය.

මෙහි කැටයම් ශිල්පියකු වන කේ.ටී. චන්ද්‍රෙස්න මහතා මෙසේ පැවසීය. මම අවුරුදු 45 ක් කැටයම් කලාව කරල තියෙනවා. මේ වගේ නිර්මාණයක් කවදාවත් දැකල නැහැ. අපි දැනට ලී කැටයම් කරන්නෙ උලුවවහු සඳහා. මේවායේ දළඳා පෙරහර නිර්මාණය කරනවා. මේ එක කැටයමක් කපන්න දවස් 06 ක් ගත වෙනවා. අවුරුද්දකට වැඩිය යාවි මේ වැඩ ඉවර වෙන්න.

මෙම එක් එක් කරුණක් සම්බන්ධයෙන්ම නිරතුරුවම සොයා බලමින් අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුවන්නේ විලේගොඩ අරියදේව හිමියන් විසින් වීම විශේෂත්වයකි. එමෙන්ම දායක කාරකාදීන්ද නිතර පැමිණ මේ සම්බන්ධයෙන් සොයාබලන බවත් අරියදේව හිමියන් සෑම විටම රටට වෙනස් දෙයක් දායාද කිරීමට උත්සාහ දරන බවත් අම්බලන්ගොඩ සමථ මණ්ඩලයේ සභාපති විහාරස්ථ දායක ආචාර්ය සිරිපාල මාදුවගේ මහතා පවසයි.

ධර්මදාස සිරිවර්ධන - ගාල්ල දිස්ත්‍රික් සංචාරක
ඡායාරූපය ගාල්ල දිස්ත්‍රික් සංචාරක. 

නව අදහස දක්වන්න