පොලිස්පති ජන්ම දිනය නිමිත්තෙන් අහංගම පොලිසියෙන් බෝධි පූජාවක් | දිනමිණ

පොලිස්පති ජන්ම දිනය නිමිත්තෙන් අහංගම පොලිසියෙන් බෝධි පූජාවක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපන් දිනය නිමිත්තෙන් අහංගම පොලිසිය සංවිධාන කළ බෝධි පුජා පිංකමක් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන්

අහංගම බෝගහවත්ත විජයසුන්දරාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගල්පත්ති සහකාර පොලිස් අධිකාරිවරුන්වන ගාමිණී ඉහළවෙල සහ එල්. ආර් කුමාරසිරි

මහත්වරුද ගාල්ල දිසාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුද මෙම පිංකමට සහභාගී වූහ.

අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් වීරසේකර මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින් මෙම පිංකම සංවිධාන කරනු ලැබ තිබිණි. පොලිස් නිලධාරීන් බෝධි පුජාවට සහභාගීවූ අයුරු.

බෝගහවත්ත විජයසුන්දරාරාම විහාරාධිපති හාන්දුපැල්පොල ධම්මාලෝක හිමියන්ගේ මෙහෙයවීම යටතේ බෝධි පුජා පිංකම පැවැත්විණි.

ඡායාරූපය-රවිදු ලසිත දීයගහගේ අහංගම සමුහ

නව අදහස දක්වන්න