මහ වැසි වැටී බෙලිහුල්ඔය සැඩවේ | දිනමිණ

මහ වැසි වැටී බෙලිහුල්ඔය සැඩවේ

බෙලිහුල්ඔය හා බළන්ගොඩ ප්‍රදේශයනටත්, ඉහළ කඳුකරයටත් 14 හා 15 දෙදින ඇතිවූ ධාරානිපාත වැස්සෙන් බෙලිහුල්ඔය රළුවෙමින් ගලන්නට විය. පස්වරු 1.00 ට පමණ වැස්ස අතිවී පැය 4 කට ආසන්න කාලයක් පැවතුණ අතර අවට ඇති ජලමූලාශයන්හි ජලපහර වැඩිවෙමින් ගලනු දැකිය හැකිවිය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ වැසිවැටී බොරදියෙන් පිරී ඉතිරී ගලනා බෙලිහුල්ඔයයි. බොහෝ දෙනා පැවසූවේ මාස අටකට පමණ පසුව ඇතිවූ වැඩිම වැස්ස ඇති වූයේ මෙම දින දෙකෙහි බවයි.

ඡායාරූපය- බෙලිහුල්ඔය සමන්තා කංකානම්ගේ 

අදහස් 1ක් ඇත

wasi wasimin ganga ala dola ,piremin ratama saruwewa !; minis sith sathan; sisilasayen theth wi, manu damm! rakiwa!

නව අදහස දක්වන්න