නාසා වියදම් කප්පාදුවකට ට්‍රම්ප් සැරසේ | දිනමිණ

නාසා වියදම් කප්පාදුවකට ට්‍රම්ප් සැරසේ

ඇමරිකානු නාසා ආයතනයේ වියදම් වෙනුවෙන් 2018 වසර සඳහා වෙන් කරන මුදල කැපී පෙනෙන ලෙස කපා හැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති බව වාර්තාවේ.

නාසා ආයතනය ප්‍රකාශ කළේ එහි ඇතැම් අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවයි.

බ්‍රහස්පතිගේ හිමෙන් වැසුණු යුරෝපා චන්ද්‍රයා වෙත ගවේෂණ යානයක් යැවීම ද මේ අනුව නතර කිරීමට සිදුවනු ඇති.

ජනාධිපති ට්‍රම්ප් ඉදිරි වසරේදී කලා කටයුතු සඳහා මෙන්ම, විදේශ ආධාර ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය ද අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

නව අදහස දක්වන්න