පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරය සිසු විරෝධය | දිනමිණ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරය සිසු විරෝධය

අසේල කුරුළුවංශ

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ සරසවි මැඳුර නේවාසිකාගාර ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 400කට නේවාසික පහසුකම් ලබදීම සඳහා ඉදිකළ සිව්මහල් ගොඩනැඟිල්ල ලලිත් ඇතුලත්මුදලි ශාලාව ලෙස නම් කිරීමට විරෝධය දක්වා විශ්වවිද්‍යාල සිසු පිරිසක් එහි සිහිවටන ඵලකය කඩා විනාශකර දමා ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

කාමර 100කින් සමන්විත අදාළ නේවාසිකාගාරය සඳහා රජය රුපියල් මිලියන 148ක මුදලක් වැයකර තිබෙන අතර එය සිසු අයිතියට පැවරීමේ උත්සවය ඉකුත් 12දා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි. මෙය ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් නම් කිරීමට විරෝධය දක්වා මහා ශිෂ්‍ය සංගමය උපකුලපතිවරයාට ලිපියක්ද භාරදී තිබූ අතර සිසුන්ගේ විරෝධතාව සැලකිල්ලට ගෙන ගොඩනැගිල්ල විවෘත කිරීම කල් දැමීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

මහපොළ ශිෂ්‍යත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් සිසුන් 3300ක පිරිසක් ලබා ගන්නා අතර ඇතුලත්මුදලි මහතා නමින් නේවාසිකාගාරයක් නම් කිරීමට සිසුන් විරෝධය දැක්වීම පිළිගත නොහැකි බව පාලනාධිකාරිය පවසයි.

සරසවි මැදුර ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල සිසුන් 33600 කට නේවාසිකාර පහසුකම් ලබාදීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නේවාසිකාගාර 84ක් ඉදි කිරීමට සැලැසුම්කර තිබෙන අතර මෙය එම ව්‍යාපෘතියේ 58 වන නේවාසිකාගාරයයි.

අඩු ආදායම්ලාභී විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන කටයුතු ගැටලුවකින් තොරව සිදුකර ගෙන යෑම පිණිස මූල්‍ය ආධාර ලබාදීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් බිහිකළ බවත් නේවාසිකාගාරයක් නොව විශ්වවිද්‍යාලයක් එතුමා නමින් නම්කළත් වරදක් නොමැති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඕ.ජී දයාරත්න මහතා කීය.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ යම් යම් කණ්ඩායම්වලට ප්‍රශ්න තිබිය හැකි වුවත් එතුමා විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය අද විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යෑමට විශාල පිටුබලයක්වී තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.

මෙම මුදල් ලබාදීම යම් ප්‍රමාදයක් වුවහොත් විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ කරන්නට පවා පෙළඹීම තුළින් ඔවුන්ට මෙය කෙතරම් වැදගත්ද යන්න තහවුරු වන බවත් මහාචාර්යවරයා කීය. 

 

අදහස් 1ක් ඇත

Students with unknown biological fathers can do anything like this.As a past alumnae of Peradeniya I hate the present bastardy behavior of students

නව අදහස දක්වන්න