එජාපයේ සියලු මන්ත්‍රීවරු සතියට එක් දිනක් පූර්ණ කාලීන දේශපාලනයේ

ශිරෝමි අබයසිංහ

අගමැතිගෙන් උපදෙස්

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතියට එක් දිනක් පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල යෙදිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනිවාර්යෙන්ම සතියකට එක් දිනක් තම මැතිවරණ කොට්ඨාසවල රැඳී සිටිමින් පක්ෂ දේශපාලන කටයුතුවල නිරතවීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය මැයි මාසයේ සිට ආරම්භ කරන දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය පදනම සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් නිකුත් කර ඇති අතර සිංහල අලුත් අවුරුද්ද අවසන්වීමත් සමඟ මේ උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු තම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...