ලෝහාර් ආර්යා අර­මු­ද­ලට වසර අනූ­වයි | දිනමිණ

ලෝහාර් ආර්යා අර­මු­ද­ලට වසර අනූ­වයි

ජය­සිරි මුණ­සිංහ

නූනව වැනි (90) උපන්දිනය මේ මස 27 වැනිදා සමරනු ලබන ලෝහාර් ආර්යා ණය අරමුදල ‍නවාරක සේවා සපුරාලමින් රාජ්‍ය සේවකයන්ට ශක්තියක් වී ඇතැයි එහි සභාපති විනිස්ටන් පතිරාජ මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 50,000ක ණය මුදලක් ලබා ගැනීමට අවස්ථා පහක්වත් ලෝහාර් ආර්යා ණය අරමුදලට පැමිණීමට තිබූ ඉඩ නතර කළ නව සභාපතිවරයා, ලබාදෙන ණය මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම අරමුදලේ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණක ගතකොට තිබේ.

රාජ්‍ය සේවයේ නියුතු දැනට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පිරිස් වෙත මේ අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති ඉඩකඩ වෙනුවට, ඉදිරියේදී නියමු ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික්ක පහක ශාඛා කාර්යාල ආරම්භ කිරීමට ද මේ අරමුදල සූදානම් බව සභාපතිවරයා කියා සිටියි.

සේවක සේවිකාවන් පනස් දෙනකුට ආසන්න පිරිසක් ඉතා කැපවීමෙන් මේ ආයතනයේ සේවය කරන බව කී සභාපතිවරයා සිය ආයතනයේ 90 වැනි දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියි.

ලෝහාර් ආර්යා ණය අරමුදල ස්ථාපිත කිරීම සම්බන්ධව දිගු ඉතිහාසයක් ඇත. මෙය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූයේ ස්කොට්ලන්ත පුරවැසියකු වූ පසුව ලංකාවේ පුරවැසියකු වූ ස්කොට්ලන්තයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ ලෝහාර් මහතාගේ ආර්යාවයි. මෙම ආර්යාවගේ හිතවත් ෆාදර් නැතැනියල් පූජකවරයා සමඟ පාරේ යනවිට ඔවුන් දුටුවා කලිසම් අඳින ලද පුද්ගලයකුට තවත් පුද්ගලයකු පහර දෙනවා.

රික්ෂෝකරුගෙන් විමසීමේදී දැනගැනීමට ලැබ‍ුණේ චෙට්ටියාර් කෙනෙකුගෙන් ණය ලබාගෙන එම ණය මුදල සඳහා පොලී ගෙවීමට නොහැකි වීම නිසා එම නිලධාරියාට පහර දෙන බවය.

ජින් ලෝහාර් ආර්යාව මෙහිදී කල්පනා කළේ රාජ්‍ය නිලධාරියකුට පහරදීම ඉතාමත් අසාධාරණ බවත්, රාජ්‍ය සේවකයින්ට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූ අවස්ථාවක ණය ලබාගැනීමට හැකිවන පරිදි පවුම් 500ක පමණ මුදලක් ෆාදර් නැතැලියන්ට ලබාදී අරමුදලක් පවත්වාගෙන යාමටත් එම අරමුදලේ කටයුතු නැතැනියල්ට හැකිතාක් කල් කිරීමටත් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව 1927දී ලෝහාර් ආර්යා අරමුදල ස්ථාපිත කළ අතර, 1952දී මුදල් පනතක් මගින් භාරකාර මණ්ඩලය වෙත මෙය පාලනය කිරීමට පවරන ලදී. නැතැනියල් ෆාදර්ට පුළුවන් කාලයක් පාලන භාරකරු වී සිටීමට සහ භාණ්ඩාගාරයේ නියෝජිතයකු එය නියෝජනය කිරීමටත් මෙම පනත මගින් නියම කරන ලදී. 1917 මාර්තු 27 දිනට මෙම ආයතනය පවත්වාගෙන යාම වර්ෂ 90ක් සපිරේ. රාජ්‍ය සේවකයින්ට මෙම ආයතනය සුපුරුදු ස්ථානයක් බවට පත්වී ඇත්තේ ඇපකරුවන් දෙදෙනකු සමඟ පැමිණ එම තිදෙනාටම එකවර ණය පහසුකම් ලබා ගැනීමට හැකි නිසාය.

ණය අයකර ගැනීමේදී ඉතාමත් සාධාරණ ලෙස ණයකරු සේවය කරන ආයතනයෙන් මාසිකව ලෝහාර් ආර්යා ණය අරමුදලට බැර කර ගනී.

අවුරුදු 2කට වරක් පාලන භාරකරු පත්වන අතර, ඔහු සමඟ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයකු ‍සහ තවත් නියෝජිතයින් 7 දෙනකු භාරකාර මණ්ඩලයට පත්වේ.

මෙම ආයතනයේ දූෂිත ක්‍රියාවන්ට අවස්ථාවක් නොලැබී ඇත්තේ, භාණ්ඩාගාර නිලධාරියකු සහ භාරකාර මණ්ඩලය විසින් පාලනය කරන නිසාය.

මෙම ආයතනය අවුරුදු 30ක පමණ කාලයක් තුළ වැඩිම වශයෙන් ණය ලබාදෙන ලද්දේ රු. 50,000/=කි. මෙය ලබා ගැනීමට අවස්ථා 5ක් පමණ ආයතනයට පැමිණිය යුතු අතර, මාස 6ක කාලයක් ගතවේ.

අයදුම් පත්‍රය ලබා ගැනීමට ආයතනයට අනිවාර්යයෙන්ම පැමිණිය යුතු‍වේ.

කාලය ගෙවීයන වේගයට මෙම ආයතනය දියුණු වී නොමැති නිසා මෙයට පසුව ක්‍රියාත්මක වූ ලංකා බැංකුව ඇතුළු බැංකු ආයතන ඉතා ශීඝ්‍ර ලෙස දියුණුවට පත්වීමි. මෙම රජය බලයට පත්වී මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැමිණීමෙන් පසුව ආයතනයට පත්වූ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වින්ස්ටන් පතිරාජ මයා, පාලන භාරකරු/සභාපති ලෙසත් පත් කරන ලදී.

නව ජනාධිපතිවරයකු සහ රජය බලයට පත්වී දින 100 වැඩසටහන යටතේ භාරකාර/ සභාපති පතිරාජ මහතා මෙම ආයතනය තුළ විශාල වෙනසක් සිදු කරන ලදී.

ඔහු අදහස් කළ පරිදි ණය මුදල රු. 50,000/=ක මුදල රජයේ නිලධාරියකුට ප්‍රමාණවත් නොවන නිසා රු. 100,000/= දක්වා වැඩි කිරීමටත් ආයතනය සම්පූර්ණයෙන්ම පරිගණක ගත කර කටයුතු කිරීම නිසා මුලදී අවස්ථා 5කදී ණයකරු පැමිණීමට සිදුවුවත් දැනට අවස්ථා දෙකකදී පමණක් පැමිණ දින තුනක් ඇතුළත ණය ලබාගැනීමට ඉඩ සලසා ඇත.

එසේම රජයේ මාණ්ඩලික නිලධාරින් සඳහා මෙතෙක් ණය දීමක් සිදු නොකළ අතර, රු. 250,000/=ක ණය මුදලක් අවුරුදු තුනකින් ගෙවීමට හැකිවන පරිදි ලෝහාර් ආර්යා අරමුදල් පනත වෙනස් කරන ලදී.

ලෝහාර් ආර්යා අරමුදල් පවත්වාගෙන යන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමක් සිදු නොවන බැවින් එය අලුත්වැඩියා කිරීමටත් බාහිර අවහිරතා වෙනස් කර ආයතනය ප්‍රතිව්‍යූහ ගත කරන ලදී.

මෙම ආයතනය ප්‍රතිසංස්කරණය සඳහා රු. 1,50,000/=ට ඇස්තමේන්තුවක් සකස් වුවද වර්තමාන සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් එය රු. 150,000/= ට නිම කිරීමට හැකිවිය. ආයතනයේ මූල්‍ය කළමනාකරණ කටයුතු ප්‍රතිව්‍යූහගතකොට දූෂිත ක්‍රියාවන් කිරීමට නොලැබෙන පරිදි සකස් කරන ලදී.

ලෝහාර් ආර්යා අරමුදලේ කාර්යයන් කෙරෙහි සම්පූර්ණ සහය ලබාදෙන වාර්තමාන මුදල් අමාත්‍යතුමා දැනට ණය අරමුදල් ලබා දෙන ක්‍රමය කොළඹට පමණක් සීමා නොකොට දිවයින පුරා සිටින රාජ්‍ය සේවකයින්ට ණය ලබා ගැනීමට හැකිවන පරිදි කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ලෝහාර් ආර්යා අරමුදලේ කාර්යාලයක් පවත්වාගෙන යාමට විධිවිදාන සලසා ඇත.

මෙයට අමතරව වර්තමාන සභාපතිවරයා එංගලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදී තිබූ දැනහැඳුනුම්කම් අලුත්කොට ලෝහාර් ආර්යා විසූ ග්ලාස්ගෝ ප්‍රදේශයේ වෙසෙන ලෝහාර් ආර්යාවගේ නෑදෑයින් හඳුනාගෙන ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට ද කටයුතු කරන ලදී.

ලෝහාර් ආර්යාවගේ මුණුබුරකු වන ජෝන් හමීෂ් ලෝහාර් මහතා සහ එම මැතිනිය ජනවාරි මාසයේ ලංකාවට පැමිණ ලෝහාර් ආර්යා ණය අරමුදල පවත්වාගෙන යන ආකාරය පිළිබඳ පැහැදී මුදල් අමාත්‍යතුමාට සහ සභාපති පතිරාජ මයාට ස්තුතිය පළ කරන ලදී.

ලෝහාර් ආර්යාවගේ අරමුණ වෙනස් නොකොට ඉතාමත් සරල ක්‍රම යටතේ රජයේ සේවකයින්ට ණය පහසුකම් ලබා දෙන ශ්‍රී ලංකාවේ ඇති එකම ආයතනය ලෝහාර් ආර්ය ණය අරමුදල ලෙස සඳහන් කළ හැකිය. 

 

 

නව අදහස දක්වන්න