රුපි­යල් පහ සහ රුපි­යල වෙනස් වේ | දිනමිණ

රුපි­යල් පහ සහ රුපි­යල වෙනස් වේ

මදාරා මුදලිගේ

රන්වන් පැහැති පිත්තල ආලේපිත වානේ මිශ්‍ර ලෝහයකින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැ‍ඳෙන වානේ මිශ්‍ර ලෝහයකට වෙනස් කර නව කාසි ද්විත්වයක් සංරක්ෂණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දී තිබේ. රුපියල් 5 කාසියේ දාරයේ පැවැති අක්ෂර, මල නොබැ‍ඳෙන වානේ වලින් සැදුම්ලත් නව කාසියෙන් ඉවත් කර ඇත.

2005 වර්ෂයේ නිකුත් කරනු ලැබූ රුපියල සහ රුපියල් 5 කාසිවල පැවති පරිමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් ලක්ෂණ නවකාසිවල එලෙසම පවතී

 

ශ්‍රී ලංකා-නේපාල ව්‍යාපා­රික සංස­දය
 
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේල­නය හා ශ්‍රී ලංකා - නේපාල් වානිජ හා කර්මාන්ත මණ්ඩ­ලය එක්ව සංවි­ධා­නය කරනු ලබන “ශ්‍රී ලංකා - නේපාල ව්‍යාපා­රික සංස­දය” පසුගියදා  වන දින වැල්ලතේ පිහිටි මිරාජ් මහෝ­ට­ල­මේදී පව­ත්වන ලදි.
ශ්‍රී ලංකාව හා නේපාල රාජ්‍ය අතර වෙළ­ඳාම, ආයෝ­ජ­නය, කුස­ලතා වර්ධ­නය හා ස්ථාවර ආර්ථික සම්බ­න්ධතා වර්ධ­නය කිරීම මෙම සංස­දමේ ප්‍රධාන අර­මුණ වූ අතර දෙර­ටෙහි ව්‍යාපා­රි­ක­යන් අතර ව්‍යාපා­රික අවස්ථා පුළුල් කිරීම මඟින් දේශීය ආර්ථි­කය ශක්ති­මත් කිරීම මෙන්ම ව්‍යාපා­රික ගැටලු පිළි­බ­දව සාකච්ඡා කිරීම ද  මෙහිදී සිදු විය.
 
ශ්‍රී ලංකාමේ පිහිටි නේපාල් තානා­පති කාර්යා­ලය නියෝ­ජ­නය කර­මින් ධනා කුමාරි මජෝෂි මහ­ත්මිය ද නේපාල වානිජ හා කර්මාන්ත මණ්ඩ­ලමේ සභා­පති  රමේෂ් මහා­රා­ජන්, ශ්‍රී ලංකා - නේපාල වානිජ හා කර්මාන්ත මණ්ඩ­ලමේ සභා­පති මොහො­මඩ් කියාස් ඇතුළු දෙර­ටෙහි ව්‍යාපා­රි­ක­යන් රැසක් මෙම සංස­දය සදහා සහ­භාගී වූ අතර සංව­ර්ධන උපාය මාර්ග හා ජාත්‍ය­න්තර අමා­ත්‍යාං­ශය, විදේශ කට­යුතු අමා­ත­යං­ශය, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය, වානිජ දෙපා­ර්ත­ම­ම්න්තුව, සංචා­රක මණ්ඩ­ලය හා ආයෝ­ජන මණ්ඩ­ලය නියෝ­ජ­නය කර­මින් රාජ්‍ය නියෝ­ජි­ත­යන් රැසක් ද මෙම ව්‍යාපා­රික සංස­දය සදහා සහ­භාගී විය.

 

 

නව අදහස දක්වන්න