ට්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය ආයතනයක් වෙත | දිනමිණ

ට්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය ආයතනයක් වෙත

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කරයි.

ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසුවේ ඒ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි.

තමා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එම රාජකාරි සඳහා වෙන්වූ වැටුප ලබා නොගන්නා බව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...