හොර රහසේ ධවල මන්දිරයට ඇතුළුවූ අය කොටු වෙයි | දිනමිණ

හොර රහසේ ධවල මන්දිරයට ඇතුළුවූ අය කොටු වෙයි

ධවල මන්දිර අංගනයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඇමරිකානු රහස් ඔත්තු සේවය වාර්තා කළේය.

උරමල්ලක් රැගත් එම පුද්ගලයා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේ දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ධවල මන්දිරයේ රැඳී සිටි බව සඳහන්ය.

කෙසේ වුවත් ඔහුගේ උර මල්ලේ කිසිදු සැක කටයුතු දෙයක් තිබි නැති අතර ආරක්ෂක අංශ විසින් මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ජෝන් කෙලී දැනුවත් කර ඇත.

ධවල මන්දිර පරිශ්‍රයට අනවස‍රයෙන් කෙනකු ඇතුළු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මෑත ඉතිහාසය සොයා බැලීමෙන්ම තහවුරු වන බව එරට ආරක්ෂක අංශ බවසයි. 

බී. බී. සී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...