නියැන්ඩර්තාල් මානවයා පෙනීසිලීන් භාවිත කළ බවට සාක්ෂි

නියැන්ඩර්තාල් මානවයා වේදනා නාශක සහ පෙනිසිලින් ප්‍රතිජීවක භාවිතා කර ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ දත් පිළිබඳව කළ අධ්‍යයනයකිනි.

නියැන්ඩර්තාල් මානවකයකු රෝගී වූ විට ඇස්පිරින් රසායනය අඩංගු ශාකයක පොතු සැපීමට හුරුවී සිටි බව එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත. එසේම නූතන ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට බොහෝ කලකට පෙර නියැන්ඩර්තාල් මානවයා පෙනිසිලින් භාවිතා කර ඇති බව ද පෙනී යන බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. ඊට අදාළ සාක්ෂි වසර 40,000 කට පෙර මධ්‍යම යුරෝපයේ ජීවත්වූ නියැන්ඩර්තාල් මානවයෙකුගේ දත් මැලියම් වල DNA මගින් හමු වී ඇති බව එහි සඳහන් වේ. දත් මැලියමින් ලබාගත් DNA අනුක්‍රමික පරීක්ෂණයට භාජනය කරමින් පර්යේෂකයන් විසින් අද්‍යතන මානවයාගේ සමීපතම ඥාතීන්ගේ ආහාර, ජීවන රටාව සහ සෞඛ්‍යය පිළිබඳව නව තොරතුරු රැසක් සොයාගනු ලැබ ඇත. 

බී. බී. සී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...