ප්‍රතිශක්තීකරණ එන්නත් නොලැබූ ඔස්ට්‍රේලියා දරුවන්ට ළමා ප්‍රතිපාදන නෑ | දිනමිණ

ප්‍රතිශක්තීකරණ එන්නත් නොලැබූ ඔස්ට්‍රේලියා දරුවන්ට ළමා ප්‍රතිපාදන නෑ

අත්‍යවශ්‍ය ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදුන් දරුවන් රජයේ ළමා සුබසාධන මධ්‍යස්ථාන සහ පෙර පාසල්වලට ඇතුළත් කර ගැනීමෙන් වැළකී සිටීමට ඉදිරියේදී කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කළේය.

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත මේ වන විටත් එම නීතිය ක්‍රියාත්මක කරමින් සිටින අතර අගමැති මැල්කම් ටර්න්බුල්ගේ යෝජනාව වී තිබෙන්නේ මුළු රටටම බල පැවැත්වෙන පරිදි නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවය.

මවුපියන්ගෙන් 5% ක ප්‍රමාණයක් සිය දරුවන්ට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු ළමා සෞඛ්‍ය ආයතනය විසින් මවුපියන්දෙදහසක් පමණ සහභාගී කරවාගෙන ක්‍රියාත්මක කරනු ලැබූ සමීක්ෂණයක දී හෙළිදරව් වී ඇති අතර

මෑතක දී කක්කල් කැස්ස උත්සන්න වීමෙන් ඕස්ට්‍රේලියානු දරුවකු මිය යාමේ සිදුවීම සිහි කළ අගමැති මැල්කම් ටර්න්බුල් කියා සිටියේ දරුවන්ගේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව පවතින බවයි.

දරුවන්ට ප්‍රතිජීවක එන්නත් ලබා දීම ඕස්ට්‍රේලියානු නීතියෙන් අනිවාර්ය කර නැති නමුත්, සිය දරුවන්ට අවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබා නොදෙන මවුපියන්ට රජයේ ළමා සුබසාධන වැඩපිළිවෙලින් ලැබෙන ප්‍රතිපාදන අහිමි වී යනු ඇත.රජයේ මෙම සැලසුමට සහාය දක්වන සෞඛ්‍ය සංවිධාන මෙමගින්මවුපියන්ට සහ ජනසමාජයට දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන බව ප්‍රකාශ කර සිටී. 

බී. බී. සී

නව අදහස දක්වන්න