'කම්බ හොරු ටික වීරයෝ වගේ ඉන්නවා' - මරික්කාර් | දිනමිණ

'කම්බ හොරු ටික වීරයෝ වගේ ඉන්නවා' - මරික්කාර්

දැන්කම්බ හොරු ටික වීරයෝ වගේ ඉන්නවා, හොද මිනිස්සු ටික හොරා වගේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පස්වසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ප්‍රංශයේ පැරිස් නුවර එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ වාර්ෂික සම්මේලනය අමතමින් ය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

"මේ යහපාලනය වෙනුවෙන් ,හොරුන්ට දඩුවම් කිරීම,දූෂිත ආර්ථිකය ගොඩ නැගීම, තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩ නැගීම,සංවර්ධිත ශ්‍රී ලංකාවක්, යුක්තියේ ආධිපත්‍ය රජ කිරීම වෙනුවෙන් ජනතාව මෙම ආණ්ඩුව බලයට පත් කලා. අද ජනතාවට ප්‍රශ්නාර්ථයක්  එනවා මේ දෙවල් ඉටු වෙලාද කියලා. නමුත් මේක ආණ්ඩුවේ වරද. වසර 5 ක සැලැස්මක් ඇතිව වැඩ කරන විට අපි පියවරෙන් පියවර ලබා ගන්නා ජයග්‍රහණ තියෙනවා. මේ එකක්වත් රජය අලෙවි කරන්නේ නෑ.

ජනතාවට තියෙන විශාලම ප්‍රශ්නය තමයි කෝ මේ හොරු ටික ඇතුලත ගියේ නෑනේ කියන එක. ඉස්සර ගම්වල නම් හොරකම් කියලා අහුවුනාම හොරා එලියට බහින්නේ නෑ ලැජ්ජාවටම. නමුත් දැන් හොරා පාර දිගේ යන්නේ ඌ හොද එකා අපි හොර වගේ. අද මට හිතෙනවා ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස  වැඩියිදෝ කියලා. මේ නිසා හොරුන්ට ඉක්මනට ඇප ලැබෙනවා. කම්බ හොරු ටික වීරයෝ වගේ ඉන්නවා, හොද මිනිස්සු ටික හොරා වගේ ඉන්නවා,හැමදාම උද්ඝෝෂණ වැඩ වර්ජන තියෙනවා, මාධ්‍ය ඔක්කොම වගේ ආණ්ඩුව විචේචනය කරනවා. මගේ විශ්වාසයක් තියෙනවා මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් හොරා කෑවා නම් ඒවා මොන විදිහකට හරි අහුවෙන්න ඕනේ. ඒ නිසා පැටලිලා තියෙන නූල් බෝලය එක මොහොතකදී අහුවෙනකම් තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ස්වභාවික යුක්තිය ධර්මය ගැන අපි විශ්වාස කරනවා අපි.ඒ නිසා මේ නූල් බෝලයේ එක් කෙලවරක් හරි අහු වුනොත් ලිහා ගෙන යනවා අනික් කෙලවරට එනොකොට ප්‍රශ්න සියල්ලම විසදිලා තියෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ දූවිලි වලට යටවෙලා තියෙන මේ ෆයිල් ටික ඉතාමත් ඉක්මනින් අරගෙන විශේෂ අධිකරණයක් පිහිටුවලා හරි මේ නඩු විසදන්න අවශ්‍ය කටයුතු කරන්න විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. අන්න එතකොට හොරු ඇල්ලීම හා දඩුවම් කිරීම සම්බන්ධව ආණ්ඩුවට විචේනය කරපු අයට සතුටු වෙන්න පුළුවන්."

 

නව අදහස දක්වන්න