හොල්මන බය වූ හොල්මන

කල්යාණ චන්ද්‍රසේකර මේ දිනවල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකේ නම සේයා. ඒ වගේම එහි රඟපාන්නේ නිළියන් පමණයි. සේයා ගැන තොරතුරු වරින්වර ඉකුත් සරසවිය කලාපයන්හි අප පළ කළා. මේ කියන්න හදන්නේ සේයා රඟපාන්න ගිහින් එහි නිළියකට වෙලා තියෙන වැඩක් ගැන. උදාරි පෙරේරා ගැන අහලා ඇතිනෙ. ප්‍රවේගය චිත්‍රපටයේ රඟපාලා රිදී තිරය ජයගත් ඇය සේයා චිත්‍රපටයේ ඊට හාත්පසින්ම වෙනස්ම චරිතයක් රඟපානවා. උදාරි සේයා චිත්‍රපටයේ හොල්මනක්. ඉතින් හිතාගන්නකො කොහොමද කියලා. උදාරිත් මදි නොකියන්න හොල්මනට ඇන්දලු. මේ ඇන්දිල්ල කොච්චර හොඳට සිදු වුණාද කීවොත් උදාරි ඇත්තටම දැන් හොල්මන්වලට බයෙන්ලු ඉන්නෙ. උදාරි හොල්මනට අඳිනවා දැකලා වටේ පිටේ අය බොරුවටත් එක්ක කියන හොල්මන් කතා අහලා ඇය තැතිගෙන. ඇය දැන් තනියම කාමරේ ඉන්නත් බයයිලු. රූගත කිරීම් කරන කාලයේ කල්්‍යාණට සිදුවුණාලු උදාරිත් එක්ක කාමරයේ තවත් යෙහෙළියක්ව තබන්න.

(සරසවිය)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...