මුහුණ ලස්සන කරන්න කලින් මේ ගැනත් හිතන්න | දිනමිණ

මුහුණ ලස්සන කරන්න කලින් මේ ගැනත් හිතන්න

ලස්සන වෙන්න කවුරුත් කැමැතියි. ඒ නිසා ම කාන්තාවන්, මේක් අප් භාවිතයට දැඩි ඇල්මක් දක්වනවා‍. ඒ වුණත්, නිසියාකාරව මේක් අප භාවිත නොකිරීමෙන්, තිබෙන සුන්දරත්වයත් නැති කර ගන්නා අවස්ථා සුලභව දකින්න පුළුවන්. එසේනම්, මේක් අප් භාවිතයට පෙර සිතිය යුත්තේ මොන වගේ කරුණු කාරණාද?

* දෑත් හොඳින් පිරිසුදු කරන්න

* වෙනත් කෙනකු භාවිත කළ මේක්-අප් නිෂ්පාදන භාවිතයෙන් වළකින්න

ඔබගේ ළඟ ම මිතුරකු භාවිත කරන රූපලාව්‍ය නිෂ්පාදන වුව ද, ඔබගේ පාවිච්චිය සඳහා ගැනීම සුදුසු නැත. ඒ මන්ද යත් වෙනත් කෙනකුගේ රූපලාවන්‍ය නිෂ්පාදන මඟින් ඔබේ සමට අහිතකර බැක්ටීරියා ආසාදන ඇති වීමට හැකි නිසයි.

* ඇස්වලට ආසාත්මිකතා ඇතිවේදැයි විමසිලිමත් වන්න

ඔබගේ ඇස්වලට මේක්-අප් භාවිත කිරීමේ දී, එම ආලේපන ඔබට ආසාත්මිකතා ඇති නොකරන්නේදැයි පරීක්ෂා කළ යුතු යි. එයට හේතුව, සමහර නුසුදුසු ආලේපන ඇස් මත තවරා ලීමෙන්, ඔබ නොසිතන ආකාරයේ බරපතළ තත්ත්ව ඇති විය හැකි නිසයි.

* නිෂ්පාදනවල කල් ඉකුත් වන දිනය පිළිබඳ විමසිලිමත් වන්න

කිසිම හේතුවක් නිසාවත්, පරණ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කිරීමෙන් වැළකිය සිටිය යුතුයි. සමහර කල් ඉකුත් වු මේක්-අප් භාවිත කිරීමෙන්, මරණය වැනි භයානක තත්ත්ව පවා ඇතිවිය හැකියි.

* ඇස් වටා අයි- ලයිනර් ආලේප කිරීමේදී එම ආලේපන ඇස් අභ්‍යන්තරයට යෑමට ඉඩ නොදිය යුතුයි. එමඟින් ද ඔබේ ඇස්වලට හානි සිදු වීමට පුළුවන්.

* අලුතින් රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේදී, එම නිෂ්පාදන ඔබගේ මුහුණට කිසිදු බලපෑමක් සිදු නොකරනවා ද යන්න (ආසාත්මිකතාවන්) පිළිබඳ සිතිය යුතුයි.

* සෑම අවස්ථාවකදීම ඔබගේ මුහුණ පිරිසුදුව තබා ගන්න. එවිට ඔබේ මුහුණේ සම තුළ ඇතිවන ව්‍යාකූල තත්ත්ව බොහෝ දුරට මඟ හරවා ගත හැකියි.

 

Reader's digest ඇසුරිනි

මදාරා 

නව අදහස දක්වන්න