හිටපු ප්‍රවාහන ඇමති, වංචා විමර්ශන ජනාධිපති කොමිසමට | දිනමිණ

හිටපු ප්‍රවාහන ඇමති, වංචා විමර්ශන ජනාධිපති කොමිසමට

හිටපු පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා අද (13දා) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ  ඇතැයි වාර්තා වේ.
 
ඒ, පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක මුදලක් ලබාදීම සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා බලපත්‍ර ලබාදීම මගින් රජයට රුපියල් මිලියන 50ක ආදායමක් අහිමි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
 

නව අදහස දක්වන්න