හොර ගිනි අවි ඔත්තුවලට තෑගි | දිනමිණ

හොර ගිනි අවි ඔත්තුවලට තෑගි

රක්ෂණ ශ්‍රියන්ත

විශේෂ කාර්ය බළකාය, පොලිසිය, බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන එක්ව ගිනි අවි සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දශක තිහක යුද්ධයේ දී මෙසේ ගිනි අවි රට පුරා ව්‍යාප්තව ඇති බවද පෙන්වා දෙන ඒ මහතා අනවසර ගිනි අවි පිළිබඳ පොලිසියට තොරතුරු සපයන්නන්ගේ අනනන්‍යතාව හෙළිනොකරන බවත් ඔවුන්ට ත්‍යාග මුදලක් ලබාදීම සිදුකරන බවත් කියයි.

කළුතර හා ගල්කිස්සේ සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය හා අදාළ අනෙකුත් අංශ ‍එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසන අජිත් රෝහණ මහතා බන්ධනාගාර ගතව ඇති සැකකරුවන්ට යම් තර්ජන ඇත්නම් ඒවා සම්බන්ධ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන බවද කියයි.

පොලිස් විශේෂ ඇමතුම් අංක 119ට ලැබෙන පැමිණිලිවලින් තුනෙන් එකක්ම ව්‍යාජ ඒවා බවත් එවැනි ව්‍යාජ පැමිණිලි කරන්නන් සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා පසුගිය දස වසර හා සසදන විට 2016 වසරේ මිනීමැරුම් අපරාධවල විශාල අඩුවීමහක් ඇති බවත් වාර්තා වී ඇත. 2016 වසරේ මිනීමැරුම් 394ක් පමණක් බවත් එය 2010 වසර හා සසදන විට සියට අසූවකින් අඩුවීමක් බවද කීවේය.

කළුතර හා ගල්කිස්ස සිදුවීම් සම්බන්ධ වැදගත් තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධ විමර්ශන පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ සිදුකෙරෙන අතර සැකකරුවන් ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට හැකිවන බවද හෙතෙම කියා සිටියේය. රටේ නීතිය හා සාමය බිඳ වැටිමක් කි‍සිසේත් සිදුව නොමැති බවත් එසේ වීමට ‍ශ්‍රී ලංකා පොලිසිය ඉඩ නොතබන බවත් වැඩිදුරටත් කියා සිටියේය. 

අදහස් 1ක් ඇත

Hoda adahasak. Namuth eita wada hodai underworld eun enne kath akkada kiyana ayata thagi dunnanum wate yanne nathuwa

නව අදහස දක්වන්න