ඕනෑම ජන්දයකට මම සූදානම් - මැ.කො | දිනමිණ

ඕනෑම ජන්දයකට මම සූදානම් - මැ.කො

කුමන ආකාරයකින් ගින්නක් ඇතිවුවද ඒවා නිවා දැමීමට ගිනි නිවන හමුදාව කුමන සූදානමනමින් සිටින්නා සේ කුමනාකාරයේ මැතිවරණයක් පැමිණියද මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ ඒවා පැවැත්වීමට සූදානමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ අදහස් පැවසුවේ අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකට සහභාගී වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා - 

මගෙන් ඇහුවොත් මාළුයි, බතුයි, පොල් සම්බලුයි කනවද.. එහෙම නැත්නම් පොල් සම්බලුයි, මාළුයි, බතුයි කනවාද කියලා දෙකම එක නිසා මම ඔය දෙකටම කැමතියි කියනවා.

මැතිවරණ කොමිෂන් සභාවට ජනමත විචාරණයයි, පළාත් පාලන ඡන්දෙයි, පළාත් සභා ඡන්දෙයි, පාර්ලිමේන්තු මැතිවරණයයි, ජනාධිපති වරණයයි පහම එකයි.

ඒක අපේ රස්සාවේ කොටසක්. මම කියනවා අපි ගිනි නිවන හමුදාව වගේ කියලා. ගිනි නිවන හමුදාව ගින්නක් ආවොත් ගින්න පෙට්‍රොල් වලින් හැදිච්ච එකක්ද, ලී පිච්චිලා හැදිච්ච එකක්ද, භූමිතෙල් වලින් හැදිච්ච එකක්ද, දර පිච්චිලා හැදිච්ච එකක්ද රෙදි පිච්චිලා හැදිච්ච එකක්ද කියලා නැහැ. 

ගින්න නිවන්න ලෑස්තියි. අපිත් ඒ වගේ කුමන අවස්ථාවක ඡන්දය ආවත් තියන්න පුළුවන්. අපි සූදානම්.යැයිද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

(හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ, ගාල්ල උතුර සමුහ දික්වැල්ලේ තිලකරත්න)

නව අදහස දක්වන්න