ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

පෙබරවාරි 22 සිට පෙබරවාරි 28 දක්වා

මේෂ
ප්‍රභූ සහය

තමන්ට වාසි ලැබෙන පරිදි වෘත්තීය මාරුවීම් සිදු වෙයි. කණ්ඩායම් පාලනය කෙරෙන අධ්‍යක්ෂ වැනි තනතුරු පවා හිමි විය හැක. වෘත්තිමය විදෙස් ගමන් ද යෙදිය හැක.

විදෙස් මූලාශ්‍ර, ආනයන ආපනයන විදෙස් රැකියා ආදියෙන් තිබෙන ආදායම් ඉහළ යන කාලයකි. ප්‍රයෝජනවත් ආයෝජනවල යෙදෙයි. ප්‍රභූ සහය ලැබේ. ඉඩම් ගනුදෙනු පසුබෑම්වලට ලක්වෙයි. ලැබිය යුතු මුදල් ද කලට වේලාවට නොලැබේ. උසස් අධ්‍යාපනයට තරමක් අවාසි වෙයි.පාද ස්නායු, උදර ආශ්‍රිත රෝග සෑදීමේ ඉඩකඩ ඇත.

වෘෂභ
තීන්දු කල්යයි

කොන්ත්‍රාත් අඩමාන වෙළෙඳාම් ආදියට ආයෝජනය යෙදෙයි. පොත්පත්, ලියකියවිලි ආදී ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් මුදල් වැයවේ. තම මිතුරන් වෙනුවෙන් හා වැඩිමහල් සහෝදරයෙකු වෙනුවෙන් ද වියදම් දැරීමට සිදුවෙයි.

විදේශගත වීමට අපේක්ෂා කරන අයට එය ඉටු කරගත හැක. වැදගත් තීරණ ගැනීම් කල් දමයි. ලැබෙන්නට තියෙන මුදල්, චෙක්පත් ආදිය කල් යයි.

වෘත්තීමය වශයෙන් යම් යම් ‍ෙවනස්කම් ඇතිවිය හැක. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. විදෙස් මූලාශ්‍රවලින් මුදල් ලබන අයට හිතකර වකවානුවකි.

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද නරක නැත. රුධිර දෝෂ, අමාශගත රෝග, හා සමේ රෝග ඇතිවිය හැක.

මිථුන
අධ්‍යපනයට බාධා

වෘත්තීමය කටයුතුවලට එතරම් හොඳ නැත. වෘත්තීමය වෙනස්කම් ඇතිවේ. අපේකෂා කළ විදේශ ගමන් සඵල වේ. ප්‍රේමයට දැඩි බාධා එල්ල වෙයි. රහසිගතවීමටද පෙළඹේ. ඉඩකඩම්, දේපළ, වතුපිටි විකිණීමේ ගනුදෙනු ඇත්නම් ප්‍රමාදයට භාජනය වීම නිසා මුදල් හිරවීම් සිදුවේ. පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇතිවේ. නමුත් උසස් අධ්‍යාපනට එතරම් නරක නැත. විවාහමංගල්‍ය කටයුතුවලට අවහිරතා ඇතිවෙයි. නැතහොත් තවත් දිග් ගැස්සෙයි.

උදරය ආශ්‍රිත ආබාධ, ළය පීනස, අත්හා අරහිස් රෝග ඉස්මතු විය හැක.

කටක
හදිසි ධන වාසි

ක්ෂණික නුවණ මෙහෙයවා කටයුතු කරයි. මනස ක්‍රියා ශීලි වෙයි. හදිසි ධන හානි මෙන්ම ධනවාසිද ඇත. අධ්‍යාපනයට හිතකරයි. පහසුවෙන් හඳුනාගත නොහැකි ගුප්ත රෝගයක් ඇති විය හැක. අපේක්ෂා කළ විදේශ ගමන්බිමන්වලට අවකාශ ලබයි. පෙම් සබඳතා ඵල දරයි.අවහිර අඩුයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර වක වානුවක් වෙයි. තම සේවා ස්ථානයේ ගැටුම්කාරී සහ අමිහිරි වාතාවරණයක් ගොඩනැ‍ඟේ. හවුල් ව්‍යාපාර කරන්නන්ට වාසිදායකය.

රුධිර දෝෂ, ආමාෂ ආබාධ, පාද ආබාධ ඇතිවේ.

සිංහ
හදිසි අනතුරු

ආත්මාර්ථකාමී ගුණය ඉස්මතුවේ. ධනහානි ඇතිවේ. අය පක්ෂයට වඩා වැය පක්ෂය ඉදිරියෙන් සිටී. ලැබෙන ආදායමත් වෙතොත් එය රඳවා ගැනීමට අපහසු වේ. හදිසි වාහන අනතුරු ඇති විය හැකිය. මඟුල් තුලා කටයුතුවල ප්‍රගතියක් නැත. හවුල් ව්‍යාපාර දැඩි පසුබෑමකට ලක් විය හැක.

ලැබෙන්නට තිබෙන මුදල් පවා ප්‍රමාද වීම්වලට භාජනය වෙයි. ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් ඥාතීන් සමඟ ගැටුම් උද්ගත විය හැකිය.

රුමෙටික් උණ, හදවත් රෝග ආදිය ඇතිවිය හැක.

කන්‍යා
ප්‍රතිවාදීන් රවටයි

පෙම් සබඳතා හේතුවෙන් අපහසුතාවකට පත්විය හැක. ක්ෂණික තීරණ වැරදීයාම නිසා කරදර ඇතිවේ. හවුල් ව්‍යාපාර තාවකාලික පසුබැසීමක් පෙන්වයි. මඟුල් තුලා කටයුතු ද අසාර්ථක වේ. ආවේගශීලීත්වය රජ කරයි. ඉඩඉඩම් ‍දේපළ සම්බන්ධව නෑදෑයින් සමඟ ආරවුල් ඇතිවේ. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය අයට අවහිරතා ආදියට මුහුණදීමට සිදුවෙයි. නමුත් උසස් අධ්‍යාපනයට හිතකර තත්ත්වයක් ගොඩනැ‍ඟේ.කාමුකගති ඉස්මතුවීම නිසා පෙම්වතුන් අපහසුතාවන්ට පත්විය හැක. තම ප්‍රතිවාදීන් රැවටිලිවලට භාවිතය කිරීමට පෙළඹේ.රුමැටික්, කොන්දේඅමාරු, ඉස්මතු විය හැක.

තුලා
ලොතරැයි දිනුම්

මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසි ඇති වේ. අධ්‍යාපන කටයුතු දියුණු වේ. පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර දෙකටම හිතකර කාලයකි.

ශාස්ත්‍රීය කටයුතු දියුණු වෙයි. බ්‍රෝකර්, කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර ආදියට යම් රුකුලක් ලැබේ. ලොතරුයි දිනුම්, සූදු ඔට්ටු ආදියට වැඩදායක කාලයකි. සමස්තයක් වශයෙන් ආදායම් මාර්ග ඉහළ තත්ත්වයක පවතී උසස් ප්‍රභූන්ගෙන් උපකාර ලබයි.

උදර ආබාධ, පාද ආබාධ ඇතිවිය හැක.

වෘශ්චික
සමඟියට බාධා

කොන්ත්‍රාත්, වෙළෙඳාම් ආදියෙන් වාසි ලබයි. ලොතරැයි, සූදු ඔට්ටුවලින් ජය පෙන්වයි. ක්‍රීඩාක්ෂේත්‍රවල සහ සාහිත්‍ය ආදී නිර්මාණ ක්ෂේත්‍රවල අයට ද ඉස්මතු විය හැක. ප්‍රේමවන්තයන් රහස් මඟට යොමුවීම නිසා, අසීරුතාවන්ට පත්වෙයි. කෙටි ගමන් නිසා ලාභ උපයාගත හැක.

ආදායම් මට්ටම පවත්වාගැනීමට අසීරුවෙයි. බලාපොරොත්තු නොවූ වියදම් එයට හේතුවෙයි. පවුලේ සමාදානයට බාධා ඇතිවේ.දේපළ, ඉඩම් ආදියෙන් ආදායම් ලබන අයට හිරවීම් ඇතිවෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට එතරම් බාධා නැත. ආමාශය හා පාදයේ ආබාධ රුධිර දෝෂ ආදිය ඉස්මතු වෙයි.

ධනු
මිත්‍රයන්ගෙන් උදව්

පාසල් අධ්‍යාපනයට බාධා ඇතිවේ. නිවාස, ඉඩකඩම් ගනුදෙනුවල පැටලී සිටින අය ප්‍රමාදවීම් ආදි ඇදීයාම් ආදියට භාජනය වීම නිසා අසීරුතාවයන්ට පත්වෙයි. පැරණි මිතුරන්ගෙන් උදව් ලබයි. වගකීම් රාශියක් තම කරපිට පැටවේ. භාරකාරත්වයක්ද දරන්නට සිදුවේ. තමබාල සහෝදරයන්ගෙන් උදව් ලබයි. බහුවිධ ආදායම කෙරෙහි යොමුවෙයි. වෘත්තීමය අංශයේ පසුබැසීම් ඇතිවෙයි. කටවරද්දා ගැනීම් නිසා අපහසුතාවන්ට පත්විය හැක.

ඥාතීන් සමඟ ගැටුම් ඇතිවෙයි. වාසස්ථාන වෙනස් කළ හැක. රුධිර දෝෂ, පාද, ආමාශ ආබාධ ඇතිවේ.

මකර
පියා හා ගැටුම්

වෘත්තීමය කටයුතුවලට එතරම් හොඳ නැත. වෙනස්වීම්, මාරුවීම් ආදියට හේතු සිදුවේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල අහිතකර බලපෑම් ඇතිවෙයි.

අපේක්ෂා කළ විදේශ සංචාර අහෝසි විය හැක. නැතහොත් කල් යැවෙයි. ආදායම් තත්ත්වයේ නරකක් නැත. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට වාසිදායකය. තමා ව වංචාකරන ලැබීමකට යටත් විය හැක. වැදගත් ලියකියවිලි, සන්නිවේදන උපකරණ නැතිවිය හැකිය. නැතහොත් අස්ථානගත විය හැක. පියා සමඟ මෙන්ම ආයතනය ප්‍රධානින් සමඟ ද ගැටුම් ඇතිවේ. කොන්දේ අමාරු, ස්නායු ආබාධ ඇතිවිය හැක.

කුම්භ
ප්‍රේම සබඳතා

හදිසි ධන හානි සිද්ධවේ. ශාස් ත්‍රීය කටයුතු වෙනුවෙන් විශේෂයෙන් තම දරුවන්ගේ අධික වියදම් පෙන්වයි. සිද්ධ වෙන්නට යන දේ ගැන ඉවක් ඇතිවේ. උසස් අධ්‍යාපන කාර්යයන් සඳහා වාසිසහගත තත්ත්වයක් උද්ගතවෙයි. බහුවිධ ආදායම් මාර්ග සොයා යයි. එහි සාර්ථකත්වයද පෙන්වයි. රහසිගත ප්‍රේම සම්බන්ධතා නිසා පෙම්වතුන් අපවාදවලට ලක්වේ. පවුල් ජීවිතේ මුදල් නාස්තිය නිසා ගැටුම් වර්ධනය වෙයි. ඥාතීන් සමඟ විරසකතා වඩාත් ඇති කර ගනියි.නින්ද නොයෑම, හිසේ සහ මොළයේ ආබාධ ආදිය ඇතිවෙයි.

කුම්භ
පෙම්වතුන්ට ප්‍රශ්න

හදිසි ධන හානි සිද්ධ වේ. ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් විශේෂයෙන් තම දරුවන්ගේ අධික වියදම් පෙන්වයි. සිද්ධවෙන්නට යනදේ ගැන ඉවක් ඇතිවේ. උසස් අධ්‍යාපන කාර්යයන් සඳහා වාසිසහගත තත්ත්වයක් උද්ගතවෙයිත බහු විධ ආදායම් මාර්ග සොයා යයි. එහි සාර්ථකත්වයද පෙන්වයි.

රහසිගත ප්‍රේම සම්බන්ධතා නිසා පෙම්වතුන් අපවාදවලට ලක් වේ. පවුල් ජීවතයේ මුදල් නාස්තිය නිසා ගැටුම් වර්ධනය වෙයි. ඥාතීන් සමඟ විරසකතාවයන් ඇති කර ගනියි.

නින්ද නොයෑම, හිසේ සහ මොළයේ ආබාධ ආදිය ඇතිවෙයි.

මීන
ස්ථාන මාරුවීම්

ඉඩකඩම්, නිවාස, වතුපිටි, දේපළ ආදිය පිළිබඳ ගනුදෙනුකරුවන්ට අවාසිසහගත තත්ත්වයක් උදාවේ. හවුල් ව්‍යාපාරිකයන්ට එතරම් හිතකර වකවානුවක් නොවේ. අය පක්ෂයට වැය පක්ෂයට වඩා ඉදිරියෙන් සිටියි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ටද හිතකර සතියක් වෙයි.

සියලුම වර්ගයේ අධ්‍යයන කටයුතු සාර්ථකය. ප්‍රේමවන්තයන්ට අපචාර චෝදනා එල්ලවීම නිසා මහත් අපහසු තත්ත්වයකට පත්වෙයි.වෘත්තීමය වශයෙන් වෙනස්කම් සිදුවිය හැකි කාලයකි. රැකියා මාරු හෝ ස්ථාන මාරු සිදුවේ. ඉල්ලා අස්වීමට පවා සිතෙයි. කොන්ද හදවත් ගැන ප්‍රවේසම්වන්න.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ
රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න