මහියංගනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ඵලදායිතා ප්‍රථම ස්ථාන දෙකක් | දිනමිණ

මහියංගනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ඵලදායිතා ප්‍රථම ස්ථාන දෙකක්

සුවපත් භාවයෙන් විශිෂ්ටත්වයට යන තේමාව යටතේ 2016 බදුල්ල දිස්ත්‍රිකයේ සෞඛ්‍ය සේවයට ඉටු කරනු ලැබු සේවා ඵල ඇගයීමෙන් සෞඛ්‍ය කේෂත්‍ර දෙකක ප්‍රථම ස්ථානය දිනා ගැනිමට මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනකු සමත් විය. 2015 වර්ෂයේද බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් අඛන්ඩව දෙවරක්ම ඔහුන් දෙදෙනා මෙවරත් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත්ව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවය නන්වනු වස් ගම් දනව් සිසාරා දොරින් දොර වෙසෙන දනන්හට සුවපත් දිවියක් උරුම කරදීමට ඉටු කරනු ලැබු අප්‍රමාණ සේවය අගයනු වස් බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය 2016 වර්ශය සදහා කාර්ය ඵල ඇගයීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍යාමලී රත්නායක මහත්මිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතරින් ප්‍රථම ස්ථානය මහියංගන පූජා නගර කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි අංජලිකා ගුණතිලක මහත්මිය පසුගියදා ඌව පළාත් සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි මහතා විසින් ඇගයිමට ලක් කෙරිනි.

ඇගයීමට ලක් වූ නිලධාරිනියන් සමඟ මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය චමිල ප්‍රසාද් ලොකුගීගන සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සිදත් රෝහන මහත්වරු මෙහි වෙති.

මාපාකඩවැව සමූහ
එච්. එම්. රංජිත් කරුණාවීර

නව අදහස දක්වන්න