අම්පාර අන්නමලේ ගොවි පවුල් 300කට යල-මහ දෙකන්නයේම ජලය | දිනමිණ

අම්පාර අන්නමලේ ගොවි පවුල් 300කට යල-මහ දෙකන්නයේම ජලය

වස විසෙන් තොර වගාවන්

ජල හිඟය සහ යුද්ධයෙන් බැට කමින් සිටි නාවිදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨදයේ අන්නමලේ ගම්මානයේ පදිංචිව සිටින පවුල් 300 ක පමණ සාමාජිකයන්ට යල මහ දෙකන්නය වීගොවිතැන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත .අම්පාර දිස්ත්‍රික්කයේ කෙළවර මඩකළපුව දිස්ත්‍රික්කයට යාබදව පිහිටා තිබෙන අන්නමලේ ගොවි ජනපදය ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයේ 40 වන ගොවිජනපදය ලෙස නිර්මාණය කරනු ලැබු එකකි. වතුර හිගය පිළිබදව ගම්වැසියන් විසින් ඉදිරිපත් කරනු ලැබු මැසිවිල්ල වාරි මාර්ග දෙපාර්තමේන්තුවට වසර ගණනාවක් තිස්සේ විශාල ප්‍රශ්නයක් විය . ඇමරිකානු ජනතාවගේ සහයෝගයෙන් පවත්වාගෙන යන ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකා එක්සත් ජනපද ආයතනය ( USAID) ආයතනයේ සහයෝගය ලබා ගැනීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබීය .

අන්නමලේ ගොවි ජනපදයේ පවුල් සංඛ්‍යාව 300 කට වැඩිය .සේනානායක සමුද්‍රයෙන් ගලා යන ජල ධාරාව හොදින් කුඹුරු වලට ගලා බැසීම සඳහා කි.මී 7 1/ 2 ක් දිග ඇළ පද්ධතිය , පාලම් , බෝක්කු , නාන තොටුපළ , ඇණිකට් , සහ ගම්මානයේ අභ්‍යන්තර පාරවල් ඉදි කිරීම, ගම්වැසියන් ගේ ජීවන තත්වය උසස් කිරීම සදහා ළමා කාන්තා හා පාරිසරික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමද 2013 වසරේ දී පෙරගමන ගිල්ඩ් ආයතනයට පැවරිණි. මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ධර්මා එස්. සමරනායක මහත්මිය මෙම ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරිය වෙයි . පුවත් පතක් නිකුත් කිරීමේ කටයුත්තක් මෙන්ම මෙම ගම්මානයේ අවශ්‍යතා සහ ජන ජීවිතය ගොඩනැගීමට ද ඇය විසින් ක්ෂණිකව ක්‍රමවත් ව සිදු කරන ලදි .

අපි ධර්මා සමරනායක මහත්මියට සවන් දෙමු .

‘‘ කුඩා ජලාශ එළිපෙහෙළි කිරීම මඟින් ජලය රදවා ගැනීම පාර දෙපස වටිනා ගස් වර්ග සිටු වීම මෙම වැ ඩපිළිවල යටතේ සිදු කරනු ලැබීය. මුදල් ඉතිරිකිරීම පිළිබඳ දැනුම්වත් කර තමන් ගේ අවශ්‍යතාවන් සඳහා බැංකු වලින් ණය ලබා ගැනීමට ද පහසුකම් සලසා දී ඇත .

ජල හිඟයක් පවතින හෙයින් තමන් ගේ කුස්සියෙන් ඉවත දමන වතුර වලින් ප්‍රයෝජන ගනිමින් ගෙදරට අවශ්‍ය එළවළු වගා කර ගැනීම , වස විසෙන් තොර පාරසරික එළවළු වී, අල, බතල වගා කර ගැනීම ද ගම්වාසීන්ට දැනුම ලබා දී ඇත . ව්‍යාපෘතිය පිළිබද සතුටු වන ගම්වාසීන් මෙසේ අදහස් ප්‍රකාශ කරයි .

අන්නමලේ 02 රෙප්පිඅඩි පදිංචි පුල්ලෙයාන් තම්බි මාමාන්ගම් (63) මහතා- මඩකළපුවේ තුරෙයි නීලාවලි ගම්මානයේ සිට 1952 දී අපේ මව්පියන් මේ ගමට එන විට මගේ වයස අවුරුදු 02 කි . මට දැන් දරු මුණුපුරන් 10 ක් ඉන්නවා . වී සහ එළවළු වගා කරනවා . එළුවන් ,කුකුළන් ,හරකුන් ,ඇති කරනවා . පියාගෙන් ලැබුණු කුඹුරු අක්කර 04 ක් වී වගා කරන වා . අපට කුඹුරු තිබුණත් මෙම ව්‍යාපෘතිය ඇවිත් ජලය බෙදා හරින ඇළ වල් ක්‍රමවත් කරන තුරු මහකන්නයේ පමණක් වගා කිරීමට සිදු වි තිබුණා . ජල මහ දෙකන්නයේ වගා කීරීමට හැකි වුණෙ 2015 යල කන්නයේ සිටයි .

සභාපතිපුල්ලේ උදය කුමාර (59) - ඡන්ද කාලයට ඡන්දේ ඉල්ලගෙන ගමට එන අයට ඡන්දේ දෙනවා . අපට වැඩක් කරන්නේ නැහැ . මේ නෝනලා ගමට ඇවිත් වැඩ පටන් ගන්නා තුරු අපි දුප්පත් කමින් පෙළුණා . ගම කෙළවර ඇළක් තිබුණට වතුර එන්නේ නැහැ . කුඹුරු වලට වතුර ගන්න ඇනිකට් , බොක්කු , නාන තොටුපළවල් , ගමට එන අඩි 15 ක් පළල පාරක් දැන් අපට හදලා දීලා තියෙනවා .

පියසේන වතුදුර
දිගාමඩුල්ල සංචාරක

 

නව අදහස දක්වන්න