Huawei අලෙවි විශිෂ්ටයෝ අැගෙයති | දිනමිණ

Huawei අලෙවි විශිෂ්ටයෝ අැගෙයති

 

Huawei සිය “වාර්ෂික ක්‍රිඩා දිනය“ පසුගියදා පැවැත්වීය.මීට සමගාමීව Huawei නිෂ්පාදන අලෙවියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ අලෙවි නිලධාරීන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ද ගල්කිස්ස හෝටලයේදී සිදු කෙරිණ.

අලෙවි පරීක්ෂකවරුන්, ප්‍රවර්ධකයින්, සිංගර් නියෝජිත අලෙවි නිලධාරීන්, සහ කලාපීය ප්‍රවර්ධන නිලධාරීන් ලෙස Huawei සමඟ කටයුතු කරන පිරිස අතුරින් අලෙවි විශිෂ්ටතා දැක්වූ අය වෙත ත්‍යාග හා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවිය.

Huawei හි සේවය කරන 250 කට අධික පිරිසක් Huawei හි “වාර්ෂික ක්‍රිඩා දිනය “ ට එක්ව සිටි අතර ඔවුන් සඳහා විවිධ තරඟ ඉසව් රැසක් සංවිධානය කර තිබිණ. මෙම පිරිස කණ්ඩායම් 7කට බෙදා මෙම තරඟ පැවැත්විණ. 

නව අදහස දක්වන්න