වසර 70ක ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සබඳතා සමරති | දිනමිණ

වසර 70ක ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සබඳතා සමරති

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පසුගිය 15 දා පැවති සමරු උළෙලේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමරු පොතට අත්සන් තැබූ අවස්ථාව.ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද ජායාරූපයේ වෙති.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රි ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ කොට වසර 70 ක් පිරීම නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සංවිධානය කෙරුණු විශේෂ සමරු උළෙලක් 14 වන දා සන්ධ්‍යාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රි ලංකාව වෙනුවෙන් මෙවන් විශේෂ සමරු උළෙලක් පැවැත්වීම දෙරට අතර මිත්‍රත්වයේ ප්‍රබලත්වය සංකේතවත් කරන්නක් බව ඊට සහභාගී වූ සම්භාවනීයයෝ ප්‍රකාශ කළහ.

ඉතා අභිමානවත් හා විචිත්‍රවත් අන්දමින් සංවිධානය කර තිබුණු මෙම උළෙල සඳහා පාර්ලිමේන්තු හා සෙනෙට් සභා නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික හා රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂතක හමුදා ප්‍රධානීන්, විද්වතුන්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලංකා සංගම් නියෝජිතයන් ඇතුළු සම්භාවනීයයෝ විශාල පිරිසක් සහභාගී වූහ.

උළෙල අමතමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා පැවැසූවේ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී ගිය ශ්‍රි ලංකා - ඔස්ට්‍රේලියා මිත්‍රත්වය ඉතා ශක්තිමත් හා යහපත් එකක් බවය. ඉතිහාසයේ සෑම අවස්ථාවකම ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව සමීප මිතුදම් ආරක්ෂා කර ගනිමින්, කටයුතු කර ඇති බව ද ටර්න්බුල් මහතා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ සෙනෙහෙසින් හා ආදරයෙන් සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය රටවල් දෙකක, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයන්ට වසර 70ක් පිරීමේ සමරු උළෙල ආදරවන්තයන්ගේ දිනයේදීම සංවිධානය කර තිබීම සුන්දර අහම්බයක් ලෙස සැලකිය හැකි බවය.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විපක්ෂන නායක බිල් ෂෝට්න් (Bill Shorten) මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි ලංකා - ඔස්ට්‍රේලියානු මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරලීම උදෙසා සියළුලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවය.

මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, නයෝමි ප්‍රියන්ති ද සිල්වා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක, මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක චන්දන වීරසේන, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්රා‍ පෙරේරා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක තුෂාර වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න