වසර 30ක් පුරා සෑම සදුදාම බිරියට රෝස මලක්

වසර 30 ක් පුරා සෑම සඳුදා දිනකම තම බිරිඳට රතු රෝස මලක් යැවූ පුද්ලයෙකු පිළිබඳව විදෙස් පුවත් අනාවරණය කළේය. ෆිල් ඉකෙහෝර්න් නම් මෙම පුද්ගලයා 1987 මාර්තු 07 වැනිදා විවාහ වී ඇති අතර එදින පටන් මේ දක්වා බිරිඳ එව්ලින්ට එවා ඇති රෝස මල් සංඛ්‍යාව 1500 කට අධිකය. ඊට අමතරව සෑම වසරකදී ම විවාහ සංවත්සරය යෙදී තිබෙන දිනයේ දී ඔහු විසින් රෝස මල් දුසිමකින් සෑදූ මල් කලඹක් ද ඔහු විසින් යවනු ලබයි.

මේ වන විට 72 වැනි වියේ පසු වෙන එව්ලින් පවසන්නේ පළමු වසරේ දී මෙයින් ඇය විමතියට පත් වූ බවයි. මෙය නවතා වසරකට එක් මලක් පමණක් එවන මෙන් පැවසුවත් ඔහු එය මායිම් නොකරන බව ඇය පවසන්නීය.

මෙවර වැලන්ටයින් දිනයට ද සුදු රෝස මල් දුසිම් දෙකක්, කහ රෝස මල් දුසිම් දෙකක් සහ සීනි රහිත චොකල්ට් පෙට්ට් දෙකක් එවන්නට ඔහු අමතක නොකළ බව ඇය සඳහන් කළාය. 

බී. බී. සී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...