ඇෆ්ගනිස්ථානයේ ආරාබි තානාපති මියයයි | දිනමිණ

ඇෆ්ගනිස්ථානයේ ආරාබි තානාපති මියයයි

ඇෆ්ගනිස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි ඇෆ්ගනිස්ථානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති, ජූමා මොහොමඩ් අබ්දුල්ලා අල්-කාබී මිය ගියේය. 65 හැවිරිදි වියේ පසු වූ තානාපතිවරයා මිය ගොස් ඇත්තේ අබුඩාබියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. ජනවාරි මස 10 දින එල්ල වු එම බෝම්බ ප්‍රහාරයෙන් එමිරේට්ස් ජාතිකයින් පස් දෙනෙකු මියගිය ගිය අතර එහිදී කන්දහාර් ආණ්ඩුකාරවරයාද තුවාල ලැබීය. ප්‍රහාරය සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානයට චෝදනා එල්ල කළත් එම සංවිධානය එම චෝදනාප්‍රතික්ෂේප කර ඇත. 

බී. බී. සී

නව අදහස දක්වන්න