ට්‍රම්ප්ගේ විශේෂ සහාය ඊශ්‍රායලයට | දිනමිණ

ට්‍රම්ප්ගේ විශේෂ සහාය ඊශ්‍රායලයට

ඊශ්‍රායලයට විශේෂයක් කරමින්, ඊශ්‍රායලයට වැඩි වාසි වන අයුරින් සහාය පළ කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවේ ප්‍රකාශ කළේය. ඒ ට්‍රම්ප් ගේ විශේෂ ආරාධනාවකට අනුව ඊශ්‍රායල අගමැතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේ නායකයින් දෙපළ අගර පැවැති හමුවේ දීය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව ධවල මන්දිරයේදී පැවැත්වුණ බව වාර්තා වේ. එහිදී පැවැති සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදන්යාහු කියා සිටියේ, මීට පෙර ඇමෙරිකන් ජනපතිවරයකු ඊශ්‍රායලයට සහ ඊශ්‍රායල වැසියන්ට මෙතරම් සහාය දක්වන බව පවසා නැති බවයි.

මෙහිදී ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නෙදන්යාහු දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊශ්‍රායල පලස්තින අර්බුදයට පැහැදිලි විසඳුමක් අවශ්‍ය බව රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට ලක් වී තිබේ. ඊශ්‍රායලය පලස්තීන පාලන අධිකාරියට අයත් භූමි ප්‍රදේශවල නීතිවිරෝධී අයුරින් ජනාවාස ඉදිකිරීම ටික කලකට නවත්වන ලෙස ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඊශ්‍රායල අගමැතිවරයා ගේ කැමැත්ත ද හිමි විය. 

බී. බී. සී

නව අදහස දක්වන්න