රාමා සමඟ ගිවිසුමක් නැහැ - ඇමති හරීන් | දිනමිණ

රාමා සමඟ ගිවිසුමක් නැහැ - ඇමති හරීන්

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම අන්තර්ජාය පරිශීලනය කරනු ලබන්නෙකු බවට පත්කරලීමට සහ රටත තුල ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ දූරදර්ශී වැඩපිළිවෙල යටතේ ICTA ආයතනය හරහා මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නැන්වින. මේ තුලින් මුළු රටම 4G LTE අන්තර්ජාල පහසුකමින් ආවරනය කිරීම Google Loon අරමුණ විය.
 
Google Loon  ව්‍යාපෘතිය පිළිබදව විවිධ මතිමතාන්තර ගොඩනැගෙමින් පවතින අතර  මේ වන ශ්‍රී ලංකාවට යෝජිත Google Loon ව්‍යාපෘතිය අනපේක්ෂිත තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බවට   විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. Google Loon ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ පිළිබදව මෙසේ පැවසීය.
 
Google Loon ව්‍යාපෘතිය මුලින්ම ලංකාවට අවේ 2015 අවුරුද්දේ.ගූගල්  ව්‍යාපෘතිය ලංකාවට ගෙනාවේ පෙබරවාරි මේ සදහා මුල්වී කටයුතු කලේ චමත් පලිහපිටිය.චමත් පලිහපිටිය කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් ඔහු ඉපදුනේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. ICTA ආයතනයේ ඉතාමත් හොදින් නමක් දිනාගෙන ඉන්න නායකයෙක් social copital ආයතනයේ හිමිකරුවශයෙන් ඔහු ඉතා හොදින් නමක් දින ගත් පුද්ගලයෙක් කියල හදුන්වන්න පුළුවන්. ඔහු facebook ආයතනයේ සේවය කළ ඒ නිසා ඔහුට හැකියාවක් ලැබුණ තමන් උපන් රටට මේ Google Loon එක ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබුණ.
 
මෙහි පළමු අමාත්‍යවරයා වශයෙන් මම කටයුතු කළේ නැ.මෙහි පළමු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලේ මංගල සමරවීර ඇමතිතුමා සහ අජිත් පි පෙරේරා ඇමතිතුමා මෙහි මුලිකත්වයත් ගෙන කටයුතු කළේ.හර්ෂණ සිල්වා ඇමැතිතුමාත් රුවන් විජේවර්ධන ඇමැතිතුමාගෙත් මූලිකත්වයෙන් ඒ කළේ තමයි මේ   ගූගල් ලුන් ව්‍යාපෘතිය ලංකාවට ගෙන්න මුල් වුණේ.දැන් ගොඩක් අය දැන් ගොඩක් දේවල් කතා වෙනවා.
 
ලංකාවට සම්පූර්ණයෙන් වයි ෆයි දෙන්න බලාපොරොත්තු වුණේ Google කියන එකෙන් නෙමෙයි. මේ දෙයින් බලාපොරාත්තු වුණේ Google ආයතනයේ අලුත් දෙයක් හඳුන්වා දීමට උත්සාහ කිරීමයි. ඒකේ නියමු ව්‍යාපෘතියක් ලංකාවේ කිරීමට උත්සාහ කළා. ඒකේ කොටස්කාරයෙක් වෙන්න තමයි අපි මැදට පැන්නේ. අපි බැලුවේ Google Loon හරහා එකවර මුළු ලංකාවටම 4G LTE තාක්ෂණය දෙන්න පුළුවන්ද කියලා. අපි බැලුවේ ඉක්මනින් ගන්න පුළුවන් ජයග්‍රහණයක්. අපි පොඩි අවස්ථාවක් අරං බැලුවා.“
 
අපි අවසර ඉල්ලුවේ Google Loon  ‘නියමු ව්‍යාපෘතියක්‘ සඳහා. ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය අවශ්‍ය වෙනවා. මගේ අමාත්‍යාංශය අමුතු අමාත්‍යාංශයක්. මම විදුලිසංදේශ ඇමති වුණාට, විදුලිසංදේශ නියාමන කොමිසම මට අයිති නැහැ. විදුලි සංඛ්‍යාත (  Frequency Spectrum ) මට අදාළ වෙන්නේ නැහැ. මම නමට ඇමති වුණා කියන්නේ ඒකයි. සංඛ්‍යාත පරිහරණය කිරීම සම්බන්ධයෙන් මට අදාළත්වයක් නැහැ. යනුවෙන් එතුමා පැවසීය
 
Google Loon ව්‍යපෘතිය හා සම්භන්ද වී ඇති රාමා සංවිධානය පිළිබදව පසුගියදා විවිධ චොදනා එල්ලවිය ඒ පිළිබදවද අමාත්‍යවරයා මෙසේ පැවසීය
 
“රාමා කියන ආයතනය තමයි ගූගල් සමාගම ලංකාවේ කටයුතු කරන්න යොදා ගත්තේ. රාමා කියන ආයතනය සමඟ ශ්‍රී ලංකා රජය කිසිදු වාණිජ ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැහැ. මේක නියමු ව්‍යාපෘතියක් නිසා සංඛ්‍යාතයක් දෙන්න ආණ්ඩුව එකඟ වෙලා නැහැ. මේක සාර්ථක වුණා නම් තමයි ගිවිසුමකට යන්න අවශ්‍ය වෙන්නේ.“
 
“විදුලිසංදේශ නියාමන කොමිසම, ලෝක විදුලිසංදේශ සංගමයේ ( ITU) සාමාජිකයෙක්. එහි සාමාජිකයෙක් වීම නිසා එහි නීතිරෙගුලාසිවලට අපි එකඟ විය යුතු වෙනවා. එහිදී මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත නිකුත් කීරීමේ නීතිමය බාධාවක් පැන නැගිලා තියෙනවා.“
 
ලෝක විදුලිසංදේශ සංගමය ( ITU)  මගින් පනවා ඇති වාරන නිසාවෙන් මෙය අප රටට අහිමිවීමට ඇති ඉඩකඩ වැඩි බවක් ඒ සදහා නීතිපති උපදෙස් පැතීමට කටයුතු කර ඇති බව තෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
“මෙතනදී කිසිම හොර ගනුදෙනුවක් වෙලා නැහැ. ලංකාවේ කිසිදු මුදලක් මේ වෙනුවෙන් වැයවෙලා නැහැ. අපේ සංඛ්‍යාත කිටවත් අපි විකුණත් නැහැ. මේ බව කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබෙනවා. කැබිනට් අවසරය ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් තිබෙනවා. එය වෙන රටකට ලැබෙන්න ඉඩකඩ තියෙනවා.“ යනුවෙන් හෙතෙම පැවසීය.

නව අදහස දක්වන්න