තාජුඩීන් ඝාතනය

කුමුදු හෙට්ටිආරච්චි

නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට ඇප

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ නිසි ලෙස සිදු නොකළ බව පවසමින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකුගේ ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.

තවද ඇප තැබීමෙන් පසු සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියට වාර්තා කරන ලෙසට ඇප කොන්දේසියක් පැන වූ විනිසුරුවරයා විමර්ශන සඳහා බාධා නොකරන ලෙසට හා එසේ කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවටද නියෝග කළේය.

නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට එසේ ඇප නියම වුණි.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප දීම ප්‍රතික්ෂේපකර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමා ඇප මත මුදාහරින ලෙස නියෝග කරන්නැයි ඉල්ලා හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා සිය නීතිඥවරුන් මගින් ඉදිරිපත් කළ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් ඊයේ (16) එසේ ඇප නියම කරන ලදී.

පෙත්සම්කරු හට දැඩි කොන්දේසි මත ඇප නියම කිරීම සම්බන්ධව විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂී හේරත් ජයවීර මහත්මිය ඊයේ (16) මෙම ඇප කැඳවූ අවස්ථාවේ අධිකරණයට දන්වා සිටියාය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...