අක්ෂි කාචයක් රු. 8000කට අඩු කරනවා | දිනමිණ

අක්ෂි කාචයක් රු. 8000කට අඩු කරනවා

සන්ධ්‍යා කරුණාරත්න

රුපියල් 30,000ක් වන අක්ෂි කාචයක මිල රුපියල් 8000ක් දක්වා ඉදිරි කාලයේ දී අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ රෝහල්වලින් වසරකට අක්ෂි කාච ලක්ෂයක් නිකුත් කරන බවත් ඒ සඳහා වාර්ෂිකව රජය රුපියල් මිලියන 300ක මුදලක් වැය කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය. අක්ෂි කාචවල මිල අඩු කිරීම සහ අක්ෂි කාච රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදීම හේතුවෙන් සැත්කම් සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ පෝලිම තවදුරටත් දිගු වනු ඇති බව ද ඇමැතිවරයා කීය.

පානදුර පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක රාජිත සේනාරත්න පදනම විසින් නොමිලයේ පවත්වාගෙන යන aat පාඨමාලාව හදාරන සිසු සිසුවියන් අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

අක්ෂි කාච මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ඊයේ (16) නිකුත් කරන බවත් මෙසේ මිල නියාමනය කිරීම මඟින් විශාල මුදලක් රජයට ඉතිරි කර ගත හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය. අක්ෂි කාච මිල අඩු කිරීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් සැත්කම් සිදු කර ගත් පිරිස රජයේ රෝහල් වෙත පැමිණෙන බවත් ඉදිරි කාලය තුළදී පෞද්ගලික අංශයේ අක්ෂි කාච සඳහා ද මිල නියාමනයක් සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න