නෑබඩ නගරයේ සෝදිසි මෙහෙයුමක් | දිනමිණ

නෑබඩ නගරයේ සෝදිසි මෙහෙයුමක්

මදුරු කීටයන් සිටි නිවාස 14කට නඩු

දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නෑබොඩ නගරය හා අවට ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමකින් නිවෙස්වල මදුරු කීටයන් ඇතිවන ආකාරයෙන් කටයුතු කළ ගෘහ මූලිකයින් 14 දෙනෙකුට නඩු පැවරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් 10දා පියවර ගෙන ඇත.

මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නෑබඩ, වෙල්අත, තෙබුවන ප්‍රදේශවල නිවාස පරික්ෂා කිරීමේදී වැහි පීලිවල, බැරල්, පනිට්ටු, ශීතකරණ කැබලිවල කුණුකසළ සමඟ ජලය රඳා පවතින මදුරු කීටයන් සිටි නිවාසවලට නඩු පවරන ලදී.

මෙදින ප්‍රදේශයේ නිවාස 200ක් පමණ පරීක්ෂාවට ලක්කර ඇතැම් නිවාසලාභීන්ට අවසන් නිවේදන ලබාදී ඇත.නිවාසවල කුණු කසළ බැහැර කර පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.

දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගයා දුල්මිණි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක බලපිටිය, ලාල් වික්‍රමතන්ත්‍රී පී. තෙවරප්පෙරුම හා සාලිය ලලන්ත යන මහත්වරු වැටලීම කළහ. 

මතුගම සංචාරක

නව අදහස දක්වන්න