අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිම රටකට දෙවැනි නෑ | දිනමිණ

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිම රටකට දෙවැනි නෑ

ෆවුස් මොහොමඩ්

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂතා අතින් වෙනත් කිසිදු රටක ක්‍රීඩකයන්ට දෙවැනි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. එබැවින් ඔවුන්ට සිය දස්කම් පෙන්වීමට අවස්ථාව ලබාදීම ක්‍රිකට් ආයතනයේ එකම අරමුණ බව ද සුමතිපාල මහතා සඳහන් කරයි.

පසුගියදා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අන්තර් සමාජ එක්දින සහ විස්සයි20 තරගමාලාවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සුමතිපාල මහතා මේ අදහස් පළ කළේය.

‘පුහුණුව, තාක්ෂණය, යටිතල පහසුකම් ඒ වගේම හැම ක්‍රීඩකයකුම ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුයි. මේ සියලුදේවල් සමාන්තරව කරගෙන යාමේ වැඩපිළිවෙළක තමයි ක්‍රිකට් ආයතනය ඉන්නේ. මේ පාලක මණ්ඩලය බලයට ඇවිත් අවුරුද්දක් වැනි කෙටි කාලයකදී පාලක මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය ඉහළ දමමින් අපි අවධානය යොමු කරලා තියෙනවා ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය තැන්වලට. මෙතැනින් එහාට අපේ ඉලක්කය වන්නේ මේ තරගාවලියට ක්‍රීඩා කරන තරුණ දක්ෂ ක්‍රීඩකයන් අත්දැකීම් තියෙන සියලුදෙනාගෙන්ම එකතුවුණු ලංකාව නියෝජනය කරවීමයි. මේ රටේ ඕනෑම තැනක ජීවත්වෙන සහජ හැකියාව ඇති ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආසාව ඇති දක්ෂතාව තියෙන දරුවෙක් ඉපදෙනවානම් ඒ දරුවාට සාධාරණ අවස්ථාව තියෙන්න ඕනා ලංකාව නියෝජනය කරන්න. ඒකේ උච්ඡතම අවස්ථාව තමයි අන්තර් සමාජ මේ තරගාවලිය.’ ඔහු කීවේය.

‘ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශ්වාසය වන්නේ මේ රටේ මෙතෙක් කාලයක් ක්‍රීඩාව පැවතුනේ දියුණු වුණේ. සංවර්ධනය වුණේ ජයග්‍රහණ ලබා ගෙන ඉදිරියට ආවේ අපේ මේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් නිසා නැතිනම් ක්ලබ් ක්‍රිකට් නිසා බවයි. එක අතකින් මිලියන 20ක් පමණ ඉන්න අපේ රටේ මේ තරගාවලියට ක්‍රීඩා කරන 400-500කට අවස්ථාව ලැබීම වාසනාවන්ත පිරිසක්. මෙතැන අවුරුදු ගණනාවක් ක්‍රීඩා කරපු අත්දැකීම් රාශියක් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවා. පාසල් යන ගමන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඉන්නවා. දක්ෂතාවන් හැකියාවන් තරගකාරීත්වයට අවතීර්ණ වෙන විදිහ ඉහළ තලයකට ගෙන එන්නයි අපිට ඕනා.’ සුමතිපාල මහතා පැවැසීය.

අපි ටෙස්ට් තරග ක්‍රීඩා කරන රටක් හැටියට ඒවා පවත්වාගෙන යන අතර අනාගතයේ ඉල්ලුමට අනාගතයේ පැවැත්මටඅනාගතයේ අවශ්‍යතාව සඳහා ආයෝජනය කළ යුතුමයි. කළ හැකියි. ඒ දේ අපි කරනවා. අපේ ක්‍රීඩකයන් 100ක් අද අපිත් එක්ක කොන්ත්‍රාත් පදනමේ ඉන්නවා. ජාත්‍යන්තර වශයෙන් 17කුත්, ලංකාව නියෝජනය කරන්න හැකියාව ඇති 13ක් අන්තර් ක්‍රීඩා සමාජවල 70කුත්. ඒ අතරම අපි ක්‍රීඩා සමාජවලට උදව් කළා. යටිතල පහසුකම් ලබා දෙමින් සිටිනවා. අපි තවත් උදව් කරනවා. අන්තර් සමාජ දින 4 තරගාවලිය ගිය වසරට වඩා උණුසුම් තත්ත්වයක් තිබුණා. ඉදිරියට ඇවිල්ලා තිබුණා. තරගකාරීත්වය හොඳයි. ලකුණු අතරේ ඉන්නවා. මම හැබැයි සභාපති හැටියට සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඊට වඩා අපිට යමක් කරන්න පුළුවන්. අපි එන වසරේ මීට වඩා තරගවලට තණතීරුවලට ක්‍රීඩා සමාජවලට ඒ වගේම පුහුණුකරුවන්ට විනිශ්චය කරුවන්ටඒසියලු දෙනා වෙනුවෙන් මීට වඩා අවධානය යොමු කරනවා.’ ඒ මහතා කියා සිටියේය.

‘ඒ වගේම ක්‍රීඩකයන් පැත්තෙන් අපි බොහොම සරල දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ ඔගොල්ලන්ගේ හැකියාව, දක්ෂතාව තියෙන නිසා උසස් ගණයේ ක්‍රීඩාවේ නියැලෙන්න පුලුවන් දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට පත්වෙන්න අධිෂ්ථාන කරගෙන ඒ සඳහා කැපවෙන්න. කිසිම ක්‍රීඩකයෙක් වාසනාව මත පදනම් වෙලා ලංකාව නියෝජනය කරන්නෙ නෑ. හුඟාක් මහන්සි වෙලා හුඟාක් පුහුණුවීම් කරලා ශක්තිය වැඩි කරගෙන ඉදිරියට යන කෙනාගේ වාසනාව හොඳයි. මේ තරගාවලියේ හැම ක්‍රීඩකයකුගේම විස්තර දස්කම් අපි පටිගත කරනවා. අධ්‍යයනය කරනවා ක්‍රියාත්මක වෙනවා. දක්ෂතාව තිබුණට තාක්ෂණය පැත්තෙන් අපි මීට වඩා ආයෝජනය කරන්න ඕනා. ක්‍රීඩකයන් තරගයට අවතීර්ණ වෙන විදිහ, ක්‍රීඩා පිටිය තුල තරග කරන විදිහ මීට වඩා ඉදිරියට ගෙන යන්න පුලුවනි. ලංකාවට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි අවශ්‍ය තාක්ෂණය ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන අයටත් ලබාදෙනවා.’

හැම ක්‍රීඩකයකුටම ඒ ගැන යම් කිසි පුහුණුවක් දැනුමක් අවශ්‍ය වෙනවා. මේ තරගාවලියෙන් පස්සේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අපි බලාපොරොත්තු වෙනවා එයාලගේ ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණය වැඩි දියුණු කරන අතරවාරයේ දැනුම ලබා දීලා සියලුදෙනා පෙළගස්වන්න. ඒ සඳහා ක්‍රීඩා සමාජවලින් සහයෝගය බලාපොරොත්තු වෙනවා.’ සුමතිපාල මහතා වැඩි දුරටත් කීවේය.

ඡායාරූපය සමන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න