අන්තර් සමාජ එක්දින තරගාවලිය හෙට ඇරැඹේ

ෆවුස් මොහොමඩ්
අන්තර් සමාජ එක්දින තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නියෝජිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, උප සභාපති කේ. මතිවානන් සහ තරගාවලි කමිටු සභාපති බන්දුල දිසානායක මහත්වරු සමග. ඡායාරූපය - සමන් මෙන්ඩිස්

ජාතික පිලට ක්‍රිකට් ශක්තිමත් කරන දේශීය ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨ හා නවක ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බලන අන්තර් සමාජ ක්‍රිකට් තරගමාලාවේ එක්දින තරගාවලිය හෙට (18) ආරම්භ කෙරේ. නව මුහුණුවරක් යටතේ කණ්ඩායම් 23ක් තරග වදින මෙවර තරගාවලියේ මූලික වටයේ දී කාණ්ඩ 4ක් යටතේ මාර්තු මස 3 වැනිදා දක්වා තරග පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 5 වැනිදා ඇරැඹේ. අවසන් පූර්ව තරග මාර්තු මස 8 වැනිදා පැවැත්වෙන අතර 12 වැනිදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියේ සහ ඉන් අනතුරුව ආරම්භ කරන විස්සයි20 තරගාවලියේ සමාරම්භක උළෙල පසුගියදා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර තරගාමාලාවේ විශේෂත්වය වන්නේ එක්දින තරගාවලියේ මෙන්ම විස්සයි20 තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙදෙනාට ‘රෙනොල්ට් KWID’ වර්ගයේ නවීන පන්නයේ මෝටර් රථ දෙකක් පිරිනැමීමට කටයුතු යොදා තිබීමය.

මිට අමතරව වසරේ හොඳම ක්‍රීඩා සමාජයට නිසාන් වර්ගයේ ආසන 16ක නවීනතම වෑන් රථයක් පිරිනැමීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...