ගාලු මෝටොක්‍රොස් 19දා අක්මීමන දී | දිනමිණ

ගාලු මෝටොක්‍රොස් 19දා අක්මීමන දී

 ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය හා ගාල්ල යතුරුපැදි ක්‍රීඩා සමාජය එක්ව තුන්වැනි වරටත් සංවිධාන කරනු ලබන ගාලු මෝටොක්‍රොස් 2017 යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගාවලිය මේ මස 19 වැනිදා ගාල්ල අක්මීමන කෙසෙල්ගස්හේන ධාවන පථයේදී පැවැත්වෙයි.

මෙරට ප්‍රබලතම මෝටර් රථ සහ යතුරුපැදි ධාවන ශූරයන් සමග විදෙස් තරගකරුවන් කරට කර තරග වදින මේ තරගාවලියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සියලුම මොටෝ ක්‍රොස් ධාවන ශූරයන් තරග වැදීමට නියමිතය.

තරග ඉසව් 16කින් සමන්විත මේ තරගාවලියට අවුරුදු 10න් පහළ සහ 13න් පහළ කුඩා ධාවන ශූරයන්ගේ තරග ඇතුළත්වීම විශේෂත්වයකි. අවුරුදු 10න් පහළ තරගයේ පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගන්නා තරගකරුවන්ට පී.ඩබ්. 50 සී.සී. යතුරු පැදිය බැගින් ත්‍යාග වශයෙන් ලබා දෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

ගාල්ල නගරය කේන්ද්‍ර කරමින් පැවැත්වෙන එකම මෝටෝ ක්‍රොස් තරගාවලිය මෙය වන බැවින් අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් මෙවර තරගාවලිය නැරැඹීමට එක්රොක් වනු ඇතැයි තරග සංවිධායකයෝ විශ්වාසය පළ කරති.

- ෆවුස්

නව අදහස දක්වන්න