ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශක ඉවත් වෙයි

ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශක මයිකල් ෆලයින් එම තනතුරින් ඉල්ලා අස්වි ඇති බව වාර්තාවේ.

ඊයේ රාත්‍රියේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබේ.

ඇමෙරිකවේ රුසියානු තානාපතිවරයා හා ෆලයින් තර සිදුවූ දුරකතන සංචාදයක ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙන් ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වි තිබේ.

ඒ අනුව ඇමෙරිකාවේ විශ්‍රාමික ජනරාල්වරයෙකු වන ඩේවිඩ් පෙට්‍රාවුස් හෝ හිටපු වයිස් අද්මිරාල්වරයෙකු වෙන බොබ් හොවාර්ඩ් නව ආරක්ෂක උපදේශක තනතුර සඳහා පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු තානාපතිවරයා හා ෆලයින් අතර පැවැති දුරකතන සාකච්ඡා පිළිබඳව ඇමෙරිකානු පරිපාලනය නොමග යැවීම ෆලියින්ට එරෙහිව ඇති චෝදනාවයි.

ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපතිවරයාගෙන්ද ෆලයින් සමාව ගෙන තිබුණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...