සශිකලාගේ මහ ඇමති සිහිනය බොඳ වෙයි | දිනමිණ

සශිකලාගේ මහ ඇමති සිහිනය බොඳ වෙයි

ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂයේ නායිකා වී.කේ. සසිකලා නීති විරෝධි අයුරින් වත්කම් උපයාගෙන ඇති බවට වසර 18ක් තිස්සේ විභාග වූ නඩුවකින් වරදකරු බවට පත්ව තිබේ.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුවට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇයට වසර 04ක් සිර දඬුවමක් හා ඉන්දිය රුපියල් කෝටි 10ක දඬයක් පැනවීය.

තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ ඥාතී දියණියක වන සසිකලා, ජයලලිතාගේ මරණයෙන් පසුව තමිල්නාඩු මහ ඇමතිනිය බවට පත්විමට ද සිහන මැව්වාය. 

නඩු තින්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවැසුවේ සසිකලා ඉතාමත් ඉක්මනින් අධිකරණයට බාර විය යුතු බවයි.

නඩු තීන්දුවත් සමගින් සසිකලාට වසර 10ක් දේශපාලනය තහනම් වෙනු ඇත. 

 

නව අදහස දක්වන්න