කාශ්මීරයේ වෙඩි හුවමාරුවකින් අට දෙනෙක් මිය ගිහින්

බී. බී. සී

ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මිරයේ දී ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ. සැකකාර කැරලිකරුවන් සොයා ආරක්ෂක අංශ දකුණු කුල්ගන් දිස්ත්‍රික්කයට ඇතුළුවීමත් සමඟ මේ ගැටුම ඇති වී ඇති අතර එම වෙඩි හුවමාරුවේ දී ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු, සැකකරුවන් සිවුදෙනකු සමඟ සිවිල් වැසියන් දෙදෙනකු ද මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉන් පසු සිදු කළ උද්ඝෝෂණයේ දී තවත් පුද්ගලයකු ද මිය ගොස් තිබේ. හිස්බුල් මුජහිදීන් සහ ලෂ්කර්-ඉ-ටයිබා කණ්ඩායම් විසින් රැස්වීමක් පවත්වමින් සිටියදී ආරක්ෂක හමුදා කඩා විදීඹ සිදු වී තිබේ. ඊට මැදි වූ සිවිල් වැසියන් ද මරු මුවට පත් වී ඇත. මෙහිදී පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇත.

මිය ගිය සටන්කාමීන් ගේ අවසන් කටයුතු සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වූහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...